(තිළිණි ද සිල්වා)
ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව වර්ධනය කර ගැනීමට ‘ඉන්දු - පැසිෆික් එන්ඩේචර් 2019’ වැඩසටහන යටතේ ඕස්ටේ්රලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුද, නාවික සහ ගුවන් හමුදා අංශ වලින් සමන්විත කණ්ඩායමක් හෙට (23) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව මෙරට ඕස්ටේ්රලියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ඕස්ටේ්රලියාවේ නෞකා හතරකින් දහසකට අධික පිරිසක් අද (22) කොළඹට සහ ත්‍රිකුණාමලය වරායන් වෙත ළඟාවීමට නියමිත බව මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
එම කණ්ඩාම ලබන 30 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට පෙර ආපදා සහයෝගිතා සැලසුම්, සහයෝගය වර්ධනය කරන නාවික උපක්‍රම සහ හමුදා පුහුණු ක්‍රියාකාරකම්, හුරුපුරුදුකම්, අන්තර් ක්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන් ඕස්ටේ්රලියානු සහ ශ්‍රී ලංකා හමුදා එක්ව කටයුතු කරනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඕස්ටේ්රලියානු වැඩබලන මහ කොමසාරිස් ජෝන් පිලිප් සඳහන් කළේ කලාපය තුළ ඉහළ යන අන්තර් සම්බන්ධතාවයන් සහ ගතිකයන් සමඟින් අඛණ්ඩ වර්ධනයේ ප්රතිලාභ සියලූ රටවලට හිමිවන ස්ථාවර, සුරක්ෂිත, නීතිය මත පදනම් වූ වැඩපිළිවෙළක් ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට ඕස්ටේ්රලියාව කැප වී සිටින බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇහිලා විමල් වීරවංස බයට ඇඳ යට හැංගිලා ඉන්නවා කියලා ආරංචියි.
සිංගප්පූරුවත් ඔය විදියටම ගිවිසුම් ගහලා සහයෝගිත අත්සන් කරලා තිබෙනවා. නමුත් ඒ සිංගප්පුරුවේ සාමාන්‍ය මිනිසුන්ටත් වාසි වෙන විදියට. සිංගප්පූරු වැසියන්ට ඒ රටවල මනා පිළිගැනීමක් තිබෙනවා. සිංගප්පූරුවේ ලැබූ අධ්‍යාපනයට සමතැන් දෙනවා. වෙන එකක් තියා ඇමෙරිකාවේ කෙටිකාලීනව රැකියාකර ආපසු යන්නටත් අවසර දී තිබෙනවා. ඉතින් අපිත් මේ විදියට ඔය රටවල් සමග ගිවිසුම් ගහද්දී ඒ පහසුකම් ජනතාවටත් දැනෙන විදියට ගිවිසුම්වලට එකඟ වෙනවා නම් මෙව්වට ජනතා විරෝධයක් මතුවෙන්නෙත් නැහැ. ඔය ගිවිසුම් ගහද්දි ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් අරන් යහමින් වැජඹුණු උපායමාර්ග අැමතියෙකුත් අවුරුදු ගණනක්ම උන්නා නේද?... ඔය රටවල් වල මුළු ලංකාවේම මිනිස්සු ගියත් ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා. අපි ප්‍රකෝටි ගානක් වියදම් කරලා උගන්වන දරුවන් අතින් ගානකුත් ගෙවලා ඒ රටවලට යවනවා වෙනුවට අපේ උගතුන්ට වසරකට හෝ දෙකකට ඒ රටවල සේවය කිරීමටවත් අවස්ථාව ලැබෙන විදියට ගිවිසුම් වලට ඇතුල් කරනවා නම්... අපේ කොල්ලන්ටත් එහෙ ගිහින් එ් රටවල හා සමාන වැටුප් ලබාගෙන එන්නට කිහිප දෙනෙකුට හෝ අවස්ථාව ලැබෙනවා. ගව්වක දුර නම් පෙන්නවා කියනවා. එ්ත්... අනේ මන්දා..
ලංකාවේ ඉන්නේ ගොඩක්ම ලෝකය ගැන නොදන්නා, බොහොමයක් මෝඩ මිනිසුන්... ඒ නිසාම තමයි හොරු ටිකක් හැමදාම ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නේ... ඕක තමයි ඇත්ත.. ලංකාවේ මිනිස්සු බොහොමයක් නූගත්, දැන් කියයි ලංකාවේ සාක්ෂරතාව තියෙනවා කියලා.. ඒ කියන්න ලියන්න කියවන්න පුළුවන් කියන එකනේ.... එ්කෙන් උගත්කම මනින්න බැහැ.. ලංකාවෙන් අවේ කිව්වාම බලන්නේ සරණාගතයන් එහෙම නැත්නම් හොරු විදියට.. වැදගත් කෙනෙක්ටවත් වෙන රටකට ගිහින් ජීවත් වෙන්නවත් බැරි කරලා තියෙන්නේ.. මේවා වෙනස් කරන්න නම්.. මුලින්ම ලංකාවේ ඡන්ද දායකයා බුද්ධිමත් කරන්න ඕනේ.. වෙන විසඳුමක් නැහැ. ඡන්ද දායකයා මෝඩයෙක් වෙන තරමටම දැන් ඉන්න දේශපාලක්නයට හොඳයි.. එ්කනේ අධ්‍යාපනයට සලකන හැටි පේනවනේ...