(ඩී.ජී.සුගතපාල)
නිති විරෝධි ලෙස ඕස්ට්‍රෙිලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 43 දෙනකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙම හතළිස්තුන් දෙනාම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන්ගෙන් 33ක් පිරිමි පුද්ගලයින් වන අතර හත් දෙනෙක් කාන්තාවන්ද තිදෙනෙක් ළමයින්ද වෙති.
මෙම පිරිස පුල්මුඩේ ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවට යාමේ බලාපොරොත්තුවෙන් මාසයක පමණ කාලයක් විවිධ ස්ථානවල නතරව සිට පසුව දින පහක සංචාරයක් යාමට බව පවසා ඊයේ වව්නියාවෙන් බස් රථයක රැගෙන ගාල්ල උණවටුනට පැමිණ හෝටලයක නතරව සිටියදි මෙසේ අත් අංගුවට ගෙන ඇත. මෙම සියලු දෙනාම අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ හෝ දකුණේ වුණත් මේ ගොල්ලෝ ශ්‍රී ලාංකික පුරවැසියෝ.. ඔවුන් බස් එකක නැගලා ගාල්ලට ඇවිත් හෝටලයක නැවතිලා හිටියා කියලා ආගමන විගමන නීති හෝ වෙනත් නීති කඩවීමක් මෙතැන සිදුවෙලා නැහැ. බෝට්ටුවකටවත් නැගපු නැති මොවුන්ට ඕස්ට්‍රේලියාවට යන්න හැදුවා කියලා දඬුවම් කරන්නේ කොහොමද? පොලිසියට පිස්සුද? මේවා මානව හිමිකම් කඩවීම්..., ලංකාවේ ඉන්න බැරිනම් යන කෙනෙකුට යන දේවාලෙක යන්න දීලා නිකන් ඉන්න බැරිද?