IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඕෂද නෙත්මාල්ට ඉංග්‍රීසි විෂය අහිමි වුණේ කාගේ වරදින්ද

(ස්ටැනිස්ලස් පයස් සහ සරත් චින්තක)

මව  ඔසවා ගෙන හා රෝද පුටුවෙන් එකොලොස් වසරක් පාසලට පැමිණි සිසුවකුට අ. පො ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදුවූ අසාධාරණයක් පිළිබඳව සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස මව  වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් කර සිටියි.

වත්තල සාන්ත අන්තෝනි විදුහලේ ඉගොනුම ලබන ඕෂද නෙත්මාල් රණතුංග යන මෙම ආබාධිත සිසුවා ප්‍රශ්න පත්තරය කියවීමට සහ පිළිතුරු ලියා ගනිමින් පතිගත කිරීමට ගුරුභවතුන් දෙදෙනකුගේ සහය ඇතිව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත.

සිව්වන දිනය වූ මැයි 09 බ්‍රහස්පතින්දා ඉංග්‍රීසි විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සභයමින් සිටියදී කලාප කාර්යාලයෙන් පැමිණි බව කියන විශේෂ විභාග නිරීක්ෂණ නිලධාරිනියක  එම ප්‍රශ්න පත්‍රයෙන් පසු ඊළඟ ප්‍රශ්න පත්‍රයට අදාළ සිසුවාම  කියවා පිළිතුරු සපයන ලෙසට උපදෙස් දී පිටත්ව ගොස් ඇත.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ අදාළ සිසුවාට විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් සහන ලේඛනයේ ප්‍රශ්න පත්‍රය කියවීමට ගුරුබවතෙකු යොදවන ලෙස සටහන් වී නොමැති බවයි.

 



අදහස් (10)

ඕෂද නෙත්මාල්ට ඉංග්‍රීසි විෂය අහිමි වුණේ කාගේ වරදින්ද

ගුරුදෙගුරු Friday, 10 May 2024 10:44 PM

මානුෂිකත්වය ඇත්තේම නැද්ද? දැන් ලංකාවේ මිනිස්සුන්ගේ... නීතියම ඉස්සරහට දාන්නේ මේ වගේ අසරණයින්ට විතරයි...!

:       0       16

Lalla Friday, 10 May 2024 11:05 PM

ඔලුව ඉදිමුණු ශාලාධිපතිගේ වරදින්ද?

:       0       12

Perera Saturday, 11 May 2024 05:57 AM

1956 ඉඳන් රටේ හැමෝටම ඉංග්‍රීසි භාෂාවේ නියම අභිලාෂය අහිමි වුණේ බණ්ඩාරනායකලා නිසා.

:       2       13

වසන්තිSaturday, 11 May 2024 05:59 PM

අසරණ දරුවාට ඔය අසාධාරණ ක්‍රියාව කරන්න ඇත්තෙත් පැය 24න් ඉංග්‍රීසි ඉවත්කර සිංහල රාජ්‍ය භාෂාව කරපු පක්ෂයේ හෝ ඉන් කැඩී ගිය කාණ්ඩයේ කෙනෙක්වෙන්න පුළුවන්

:       1       6

Samarasekara Saturday, 11 May 2024 06:13 AM

කලාප කාර්‍යාලයේ කිව්වොත් ඉතින් අං ආපු අශ්වයෝ වගේ අය තමයි ඉන්නේ. ඔවුන් අද ඊයේ පත්වීම් ගත්තු අය වුණත් ඉන්නේ සියල්ලම දන්න අය වගේමයි. ඕවායේ මුල් පත්වීමේ සිට විශ්‍රාම යනතුරු සිටින කළමනාකරණ සහකාර/සහකාරිලා අතමිට මෙලවීමක් නැත්නම් කිසිම වැඩක් කරන්නේ නැහැ..

:       0       10

kumara Saturday, 11 May 2024 09:36 AM

විභාගයක් පාස්වෙලා චක්‍රලේඛ විතරක් කියවා ගැනීමට පමණක් හැකියාව ඇති මෙම නිලධාරී තුමියට මේ දරුවාගේ අනාගතය ගැන කල්පනා වුනේ නැද්ද? ලංකාවේ බහුතරයක් නිලධාරීන්ට හිතීමේ හැකියාව බින්දුවයි. මෙම දරුවාට සහනයක් ලබා දීම (සමහර අයට විභාගයට තනියම AC කාමර ලැබෙන රටේ) විභාග කොමසාරිස්තුමාගේ වගකීමකි.

:       1       26

පිටරටවැසියා Saturday, 11 May 2024 10:48 AM

විශේෂ විභාග නිරීක්ෂණ නිලධාරිනියට අබ ඇටයක තරම්වත් මොළයක් තිබිලා නැද්ද? මේ සම්බන්ධ වගකිවයුතු තැනකින් නැවත විමසීමක් කරලා ඒ මොහෙතේ දී තිබූ පහසුකම ගැන පැහැදිළි කිරීමක් කරගන්න. ලොව බොහෝ රටවල මෙවැනි දරුවන්ට උපරිම පහසුකම් සලසන අතර ලංකාවේ රාජ්‍ය නිලධාරින් දී තිබෙන අවම පහසුකමත් නැතිකරලා. නිමක් නොමැති රටේ විනාශය - රටෙන් තුන් කාලක් දේශපාලුවෝ සහ ඔවුන්ගේ හෙන්චයියන් විනාශ කරනවා. ඉතුරු වෙච්ච කාලා රාජ්‍ය නිලධාරින් විනාශ කරනවා.

:       1       19

බද්රානි Saturday, 11 May 2024 01:53 PM

ලෝකයේ දියුණු සංවර්ධිත රටවල ආබාධිත දරුවන්ට මෙන්ම ආබාධිත වැඩිහිටියන්ටත් ඒ රටවල රජයන් විසින් විශේෂ වරප්‍රසාද හිමි කරදී තිබෙනවා. ඕනෑම පොදු ස්ථානයක ඔවුන්ට ප්‍රමුඛස්ථානය ලබා දී තිබෙනවා. එයට හේතුව තමයි ඒ රටවල වෙසෙන පාලකයින් හා ජනතාව අධ්‍යාත්මික පිරිපුන් බැවින් පිරුණු ගුණගරුක පුරවැසියන් වීමයි. ඒ රටවල ආබාධිතයින් හිඟාකනවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඔවුන්ට අවශ්‍ය ආර්ථික ශක්තිය රජය මගින් ලබා දී තිබීමයි. ලංකාවේ අතපය හතර හොඳට තියන නරුමයින්ට ආබාධිතයින් පිළිබඳ පමණක් නොවෙයි අනෙකා පිළිබද කිසිම සානුකම්පික, සහකම්පන හැගීමක් නැහැ. යහපත් මිනිස්සු වෙනුවට ඔක්කෝම ඉන්නේ කෙරුමෝ.. තමන්ගේ ලොකුකම අනෙකාට පෙන්වා, අනෙකාව පීඩාවට පත්කොට කුරීරු සතුටක් ලබන්න මේ රටේ බහුතරයක් හුරු පුරුදු වී සිටිනවා. ඇත්තම කියනවා නම් දැන් ලංකාවේ පවතින්නේ තිරිසන් සතුන්ටත් වඩා අන්ත තිරිසනුන්ගේ සමාජයක්. මොන සෙල්ලම් දැම්මත්, සැනසීමක්, වගතුවක් නැත්තේ අන්න ඒ නිසයි. තනතුරු වලින් උද්දාමයට පත් නොවී මනුෂ්‍යයින් ලෙස හිතා කටයුතු කරන්න අඥාන මිනිසුනේ...

:       0       11

ana Saturday, 11 May 2024 09:08 PM

කලාප නිලධාරිනිය කළ දේ හරි. ආබාධිත අය විභාගයට පෙර ඒ ගැන විභාග කොමසාරිස් දැනුවත් කළ යුතුයි. එය ඔහුගේ පාසලේ සහ දෙමව්පියන්ගේ වගකීමක්. ඒ ගැන මාධ්‍යවල නිවේදන ගියා. ඉන්පසුව තමයි විශේෂඥයින් ඔහුට සැපයිය යුතු පහසුකම් තීරණය කරන්නේ. එයට වඩා පහසුකම් දුන්නොත් විභාගය ලියන තවත් බොහෝ අයට අසාධාරණයක් වෙනවා. ශාලාධිපතිට හිතෙන හිතෙන පහසුකම් දෙන්න ගියොත් විභාග වංචා වෙනවා. විභාගයේ දී හැගීම්වලට වහල්වෙලා බැහැ.

:       6       0

Sharm Thursday, 16 May 2024 06:00 AM

ඇත්තටම තමුන් කන්නෙ පුන්නක්කු ද? ආබාධිත දරුවෙක් වෙනුවෙන් නිලධාරීන්ට ඇති වගකීම ඒ දරුවා සහ ඔහුගේ දෙමව්පියන් ට පටවන්න තරම් අමනයෙක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site