(යොහාන් භාසුර)
මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් ගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගෙන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඔහු ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර එම නිලධාරියට එරහිව කටයුතු කිරීමේ රාජකාරිය විදේශ අමාත්‍යංශයට අයිති එකක්. විදේශ සේවා නියුක්ති කාර්යංශයට මේකට කිසිම සම්බධටාවයක් නැත. විදේශ රටවල රස්සා කිරීමට මිනිස්සු යැවීමත් ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සල්ලි අයකිරි හැර විදේශ සේවා නිලධාරීන් ගේ රාජකාරිවලට ඔවුන්ට කිසිම සම්බන්දතාවයක් නැත.