(නිමන්ති රණසිංහ)
ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළ එම තානාපති කාර්යාලයේ ත-ුන්වන ලේකම්වරයාව සිටි එදිරිවාරිගේ කුෂාන් යන අය වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (28) විවෘත වරෙන්තු නිකුත් කළේය.
එම විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝගය කළේය.
අදාළ සැකකරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය බැවින් මෙම විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සැකකරු ඉකුත් 24 වැනිදා අලුයම යූ එල් 206 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලිඛිතව තම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණද එදින ඔහු නොපැමිණී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ඕමාන් තානපති කාර්යාලයේ තෙවන නිලධාරියා වාහා අල්ලනු