(නිමන්ති රණසිංහ)
ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළ එම තානාපති කාර්යාලයේ ත-ුන්වන ලේකම්වරයාව සිටි එදිරිවාරිගේ කුෂාන් යන අය වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (28) විවෘත වරෙන්තු නිකුත් කළේය.
එම විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝගය කළේය.
අදාළ සැකකරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය බැවින් මෙම විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සැකකරු ඉකුත් 24 වැනිදා අලුයම යූ එල් 206 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලිඛිතව තම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණද එදින ඔහු නොපැමිණී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd