
බ්‍රිතාන්‍ය සිනමා සහ රූපවාහිනී සම්මාන උලෙළ හෙවත් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල ලන්ඩන් නුවර රෝයල් ෆෙස්ටිවල් රඟහලේ පැවැත්විණි.
මෙවර සම්මාන උළෙලේ ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය, හොඳම චිත්‍රපටයට අමතරව, ප්‍රධාන සම්මාන රැසක් දිනා ගත්තේය.
හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටයේ පරමාණු බෝම්බය නිපදවූ ඕපන්හයිමර්ගේ චරිතය රඟ දැක්වූ කිලියන් මර්ෆිය.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.
හොඳම සහාය නළුවා ලෙස සම්මානය දිනුවේ ‘ඕසපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් එහි රංගනයෙන් දායක වූ ජනප්‍රිය නළු රොබට් ඩවුනි ජූනියර්ය.
හොඳම සංස්කරණය, සංගීතය ඇතුළු තවත් සම්මාන රැසක් ද ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය දිනාගත්තේය.
‘බෙෆ්ටා’ සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 77 වැනි වරටය.
සම්මාන උළෙලේ හොඳම නිළිය බවට පත්වූයේ ‘පුවර් තිංග්ස්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ එමා ස්ටෝන්ය. හොඳම සහාය නිළිය වූයේ ‘ද හෝල්ඩෝවර්ස්’ චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු ඩාවීන් ජෝයි රැන්ඩොල්ෆ්ය.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕපන්හයිමර් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල කලඹයි
මැක්ස් Monday, 19 February 2024 04:40 PM
කිලියන් මර්ෆි පරාදයි අපේ මහා නලු අකුදි සහෝදරයාට ඕපන්හයිමර් චරිතය රඟපාන්න දුන්නා නම්...!