(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඕනෑම පනතකට යෝජනාවකට එරෙහිව ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට කිසිම බාධාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 22) පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
විමල් වීරවංශ මහතා:
අර්ථසාධක අරමුදල ගැන නඩුවක් ගියාම මේ පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක් ගැන අධිකරණයේ අභියෝගයට ලක්කරන්න බැහැ කියලා ඔබතුමා කිව්වා. පනතක් සම්මත කළා නම් ඒක වෙනම දෙයක්. යෝජනාවක් කියන්නේ යෝජනාවක්.
යෝජනාවක් මෙතන සම්මත කරගත් පමණින් අධිකරණයේදී අභියෝගයට ලක් කරන්න නැහැයි කියන්නෙ ඇයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
ඔය ප්‍රශ්නය මීට ඉහත අවස්ථා කීපයකදී කතා කළා. අපි නීතිමය උපදෙස් අරගෙන කටයුතු කළේ. ඒ ගැන නැවත විග්‍රහ කිරීමක් අවශ්‍ය නැහැ. තීරණය වෙනස් කිරීමට යුතුකමක් නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිමය උපදෙස් ගත්තයි කීවාම එපමණකින් ඒකමතිකව ක්‍රියාකිරීමට බලයක් කථානායක වරයාට ලැබෙනවාද? තමන්ගේ වාසියට උපදෙස් දෙන කෙනා ගාවට ගිහින් උපදෙස් අරගෙන ඇවිත් නීතිමය උපදෙස් ගත්තා කිව්වාම අනිත් අය පිළිගන්න ඕනෑ එහෙනම්....!
මොලේ කචල්ද? තව විදිහකින් කිව්වොත් ගරු අධිකරණය ඔය වාඩිවෙලා ඉන්න තැනට වැඩිය උසස්ද? පහුගිය දවස්වල කිව්ව දේවලුත් මතක් කරලා දෙන්නකෝ උත්තර...