(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව කොටසේ සිට ආනමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ආර් අබේනායක මහතාගේ එම පත්වීම ඉහළ බලධාරීන්ට බලපෑම් කර අත්හිටුවීමට කටයුතු කළේ යැයි කියන පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
මෙමඟින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කර දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම පැමිණිල්ල කර ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පත් කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පුවත්පත් වල පළවීමෙන් පසු අදාල රාජ්‍ය අමාත්‍යවරයා සමහර රූපවාහිනී නාලිකා මගින්තමාගේ නාමයට අපකීර්තියක් වන ආකාරයේ ප්‍රකාශ ලබා දී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළ එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා කීය.
ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසය රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක මහතාගේ එම පත්වීම පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ගේ මැදිහත්වීම 19 වැනි දා අත්හිටුවනු ලැබීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කළ විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කර තිබුණේ ඉකුත් 18 වෙනිදාය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕ.අයි.සීගේ ගමන වැළැක් වූ රාජ්‍ය ඇමැතිට එරෙහිව පැමිණිල්ලක්
bjayathilaka Wednesday, 26 April 2023 06:08 AM
දඬුවම මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ටද?, නියෝජ්‍ය අමතිටද?, පොලිස් නිලධාරියාටද ?
Liyanage Wednesday, 26 April 2023 10:13 AM
රාජ්‍ය සේවය පිස්සු බල්ලන්ගේ පාලනයට නතුව.
chamara Wednesday, 26 April 2023 01:20 PM
කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙක් සෑහෙන කාලයකින් පස්සේ දැක්කේ...
ලුම්බිණි Wednesday, 26 April 2023 01:29 PM
මුළු රටම විහිළුවක් වෙලා. ඡන්දෙන් පත් මන්ත්‍රීලා හිතන් ඉන්නේ ඒ අයට එම ප්‍රදේශය පුද්ගලික බූදලයක් සේ ලියලා දීලා කියලා...
ලසන්ත Wednesday, 26 April 2023 01:42 PM
ලංකාව 2048 සංවර්ධිත රටක් කළ හැකි ක්‍රමය. 1. පළාතේ ඇමති, රාජය ඇමති හෝ නියෝජ්‍ය ඇමති... අකැමැතිනම් පත් නොකිරීම, කොහෙට හරි මාරුකිරීම... 2. කැමැතිනම් පත්කිරීම, කොපමණ අකාර්යක්ෂම වුවත්, හොරවැඩ කළත් තවදුරටත් තබාගැනීම...