(ඉන්දිකා රාමනායක)
කයිට්ස් ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් ඕස්ට්‍රෙිලියාවට යවන බවට පවසා ඇගෙන් රුපියල් ලක්ෂ 75 ක මුදලක් වංචා කළ ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දෙහිවල පදිංචි (44) හැවිරිදි පුද්ගලයකු බවත්, වැල්ලවත්ත ප්‍රදේශයේ මෙම ව්‍යාජ රැකියා ඒජන්සිය සැකකරු පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
මෙම ගුරුවරිය ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි අතර කාලය තුළ අවස්ථා දෙකකදි සැකකරුවෙත වෙත මෙම මුදල් බැරකර ඇති බව පොලිය පවසයි.
නියම කර ගත් දිනට විශේෂ ගත කිරීම සිදු නොකළ හෙයින් සැකකරු හමුවීමට ඉහත ගුරුවරිය අවස්ථා කිහිපයකදිම කොළඹ පැමිණ ඇති අතර සැකකරු ඔහුගේ ඒජන්සිය වසා දමා ජංගම දුරකතන ද විසන්ධි කර සැඟව සිට ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අදාල ගුරුවරිය යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන පවත්වා මෙම සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔස්ට්‍රෙිලියා සිහින පෙන්වා ගුරුවරියගේ සල්ලිවලට විදලා