(ආරියරත්න රණබාහු)
කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අද (16) පිළිගත්තේය.
රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත්14 වෙනිදා අලුයම් කාලයේ සිය බිරිය සහ ඇමති ආරක්ෂකයින්ද සමඟ කටුනායක ගුවන් තොටුපොළට ගොස් ඇත්තේ බිරිඳ විදේශ ගත කිරීම සඳහා බව පැවසේ.
ගුවන් තොටුපළේ ප්‍රධාන දොරටුවෙන් රාජ්‍ය ඇමතිවරයා ගිනි අවි අතැති ආරක්ෂකයින් සමඟ ඇතුලේ වීමට උත්සාහ කිරීමේදී එසේ ගිනි අවි සමඟ ඇතුල් වීමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් රාජ්යඇමතිවරයාට පවසා තිබේ.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපොල ආරක්ෂක නිලධාරීන්ට බැණ වැදී ඇති බවද පැවසේ. මේ අතර ඔහුගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට ප්‍රසන්න රණවීර මහතා පහරදීමක් සිදු කර තිබේ.
ඊට හේතු වී ඇති පෝටරවරයාට ගෙවිය යුතු වූ රුපියල් දහසක මුදල වෙනුවට ඔහු විසින් රුපියල් හත්සීයක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් පෝටර් සිය විරෝධය පළ කිරීම බවද කියැවේ. ගුවන් තොටුපළේ සේවා සපයන පෝටර්වරයකුට රුපියල් දහසක මුදලක් ගෙවිය යුතු බව දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කර ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයා කම්මුල් පාරක් එල්ල කිරීමෙන් පසු ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිට වගොස් ඇත. පහර කෑ පෝටර් ගුවන්තොටුපොල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගොස් ඇත ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පැවසේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය" අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට දැන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත".
අදාළ පැමිණිල්ල කිරීමට පොලිසියට ගිය පහර කෑ තැනැත්තාට පොලිසිය නිලධාරින් පවසා ඇත්තේම අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසු දින ඇවිත් පැමිණිලි කරන ලෙසය.
එහෙත් කුමන හෝ හේතුවක් මත එම තැනැත්තා ඉන්පසුව පොලිසියට ගොස් නොමැති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නීතිය වැදිලා
කෙසේ හෝ සේවකයකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියෙන් මොහුව අත්අඩංගුවට ගන්නේ නැත්ද ? සාමාන්‍ය මනුස්සයෙක් රජයේ ඇමැති කෙනෙක්ට ඕක කරනම් බලාගන්න තිබ්බ රනිල්ගේ පොලිසිය හැසිරෙන හැටි
මේ අර පාර්ලිමේන්තුවේ දි මිරිස් කුඩු ගහපු හාදයා නේද! මේ මිනිහා එයා පොර්ට් එක පැත්තේ ගියා නම්, පොටර්ලා ගැන මොන කථාද?
මේකට කියන්නේ රාජ්‍ය අමාරුව කියලා. කතිරෙන් බෙහෙත් දෙන්න ලේස්ති වෙන්න හැමෝම. එක වඩියෙන් සනීප වෙනවා. හැමෝම දඟලනවා නම දාන්න නම දාන්න කියලා. ගොන්හරක් ටිකක්. නම දාන්න දෙයක් නෑ. දියවන්නා ආණ්ඩුවේ ඔක්කොම ඔය වගේ. නුගත් හැත්ත.
වැල් පාලමෙන් ගොඩ කළ තවත් සුඟන්ධවත් පොහොට්ටුවක් ..... ටිරාන් අලස් මේක දැනගත්තොත් පුවත් සාකච්ඡාවක් තියල පහුවෙනිදාම මෙයාවත් පොලීසියට කැඳවයි.
නිකන් බොරු කියන්නේ නැතිව ඉන්ඩ ... සිදු වූ දේවල් සියල්ල කැමරා කාච වල සටහන් වී තිබෙනවා...
පැමිණිල්ල බාර නොගත් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු. හැකි සියලු දෙනා මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමු. අපි මේ තැනට පත්වෙලා තියෙන්නෙ අසාධාරණය අවනීතිය දකිමින් නිවටුන් ලෙස බලා සිටින නිසයි.
ගුවන්තොටුපොල පරිශ්‍රයේදී පොලිස් රැකවරණ මැද රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයා කම්මුල් පාරක් එල්ල කරනා අවස්ථාවේ පොලිස් නිලධාරීන් පවා සිටියේය. ඔවුන් පවා මෙයට වගකිවයුතුවේ. මම කතා කරලා ඔහුව පැත්තකට දැන් ගියා මම කනේ පාරක් ගැහුවා, කිසිදු පුද්ගලයකුට ගැසීමට තවත් පුද්ගලයකුට නොහැක. දේශපාලන බලයට නිතිය යටත් විය යුතු නැත.
කලකට ඉහතදී මැටි ඇමැතිකම දුන්නේ සුදුසුකම් අනුව බව පැහැදිලි වුණා.
කනට ගහලා තව කයිවාරුත් ගහනවා මේ නූගත්තු
අට පාස් අය ඔහොම තමයි, මේ අයට ගිය රට... කිසිම විනයක් නැහැ, නීතියක් නැහඅ... රටේ හරි නම් මෙයා අත් අඩංගුවේ ඉන්න ඕනෑ දැන්...
225න් 200ක් ම ඉන්නේ මේ වගේ බඩු. ඉතින් කොහොමද රටේ විනය හදන්නේ? නව නායකත්වයක, විනයානුකුල පාලනයක අවශ්‍යතාවය දැන් පැහැදිලියි. සියලුම ඡන්ද දායකයින් මෙය තේරුම් ගනිත්වා...!
අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් යැපෙන මේ මිනිස්සු ඒ මිනිස්සුන්ටම පවර් පෙන්නනවා. ඡන්දේ ළඟයි නේ. ඕවාට උත්තර ලැබෙයි හොඳටම... පැමිණිල්ලක් දාන්න පොලිස් ස්ථානාධිපති ඉන්නම ඕනේද?
මේ වගේ අයව පාර්ලිමේන්තු යවපු අපි වැරදි..අපි ඒ ගැන කනගාටු වෙන්න ඕන ඒවාගෙම ආයේ මෙවැනි අය පාර්ලිමේන්තුවට යවන එක නවත්තන්න ඕන
බල්ලාට ගිය පොලිසිය
කනේ පාරක් ගහන්න ඕනේ මේ වගේ ආතක් පාතක් නැති අමනයන්ට පාර්ලිමේන්තුවට යන්න ඡන්දේ දීපු අපතයන්ට
ඇමැතිකම් නොවෙයි පොටර් වැඩේටවත් නුසුදුසු මේ වගේ කාලකණ්නි පාර්ලිමේන්තු එවන්න හරක් අපේ රටේ ඉන්නවානේ. ඒ වගේම මොවුන්ට නාමයෝජනා දීපු අයවත් තාම අදහන හරක් ඉන්නවානේ... ජනධිපතිතුමනි මේ වගේ අය එක්ක ඔබතුමාට ගමනක් නැහැ. කරුණාකර මේ අයව ඇමැතිකමෙන් ඉවත් කරන්න.
මෙයා නම් හැදෙන කෙනෙක් නොවේ. කලින් මිරිස් කුඩු ගැහුවා, ඊට පස්සේ ඒකට සමාව ගත්තා. ඊට පස්සේ අර කුම්බල් බොසා එක්ක වැඩ කළාම මිනිස්සු හිතුවා මෙයා හැදිලා කියලා. දැන් මේ වැඩේ...
ලංකාවේ පොලීසියේ පැමිණිල්ලක් කරන්න ස්ථානාධිපති ඉන්න ඕනෑද? මේ වගේ බූරුවන්ව පාර්ලිමේන්තු යවන්නෙත් ඔය ගුටි කාපු කෙනා වගේ රට හරක් තමයි...
අපි ඔබේ කතාව ඇසුවා. ගුවන් මගින් දුප්පත් පොහොසත් කමින් ඔයාට වැඩක් නැහැ. පොටර් කෙනෙකුට ගෙවිය යුතූ මුදලක් නියම කර තිබෙනවා. ඒ අදාළ මුදලටත් වැඩිපුර රුපියල් 100ක් වත් දෙන්න. පොටර් වැඩේ කරන්නේත් දුප්පත් මිනිහෙක්.. ඔබලා කරන්නෙත් දුප්පත් මිනිහා කඩා වඩා ගෙන ජීවත්වීම නේද?
නගර සභාවේ කුණු අදින සුළු සේවකයෙක් ලෙස සේවය කරන අතරතුර , හොරපොල් කැඩීමට ගස් බඩගෑම, රෑට රෑට කුකුල් හොරකමේ යෑම වගේ වැඩ කරපු ඔය ඇමැතිගේ කන පලන්න ඔතැන කවුරුත්ම හිටියේ නැති එක ගැන ලැජ්ජයි !! හැබැයි ඇමැතියෝ, ඔයා තව මාස දෙක තුනක් උඩ පනින්න.. ඊට පස්සේ පස්ස බිම ඇනෙනවා ඡන්දෙන් පැරදුණාම. ඔය වටේ ඉන්න සෙකියුරිටි බිලිබෝයිස්ලා එදාට නැහැ, ඩිෆෙන්ඩර් නැහැ, කවුරුත් ගණන්ගන්නේ නැහැ.. පාරට බහින්න බැහැ.. ගමේ අය මරන්න බලාගෙන ඉන්නවා. ගෙදර ඇතුලේ හැංගිලා තමයි ප්‍රසන්න කුකුල් බෝයි ඔයාට ඉන්න වෙන්නේ... ඔයාගෙන් අද ගුටිකාපු අහින්සකයාව එක්කන් ඇවිල්ලා ප්‍රසිද්ධියේම දෙකක් අන්නවන්න දවසක් ළඟදීම උදාවෙනවා...
වරකට රුපියල් දාහක් හොඳටම වැඩියි! සාමාන්‍ය කෙනෙකුට දරන්න බෑ! ඇයි එච්චර ගන්නේ මොකටද? මේවා පොඩි වැඩ නෙවෙයිද? හැමෝම සුළු දෙයක් කරලා ලොකුවට හිතාගෙන රටම කනවා හැමතැනම! දේශපාලුවන් ඔවුන්ට උල්පන්දම් දෙනවා..!!
තව මොනවද ඔය ඇත්තම කියලා තියෙන්නේ, රුපියල් දාහක් දෙන්න බැරි ඇමැති තමන්ගේ බිරිඳ රට යවන්න සල්ලි තියෙනවා. ඔන්න මේ අයගේ ආඩම්බර කතාවලට හුරේ දාන අයගෙන් අහන්නේ ඔන්න තමුන්ලා ගැන මේ අය හිතන හැටි, මේවාට එරෙහිව කතාකරන අයට ජවිපෙ කියලා කුහකයෝ කියන මෙතැන වැලපෙන අයගෙන් අහන්නේ කව්ද කුහකයෝ කියලා, රටේ හැමදාම වුනේ මේක, 88/89 අවි ගත්තෙත් සිදුවෙච්චි නිසා..
පොලිසියට පැමිණිල්ලක් කිරීමට ස්ථානාධිපති ඉන්න ඕනමද කියල පොලිස් අමතිගෙන්ම ඇසියයුතුයි.
මෙතන මේවගේ ආලපාලුවන්ට එරෙහිව හඬ නගනකොට ජවිපෙ කුහකයො කියන නිවට මානසිකත්වයකින් පෙලෙන කීප දෙනාගෙන් අහන්නෙ මේව ඉවරකරන්න ඕනෙද? මේ දෙපැත්තෙන් මේක වේවිද ? හැමදාම 88/89 කියව කියව ඉන්නවද ආසන්නවම මේ වෙච්ච ඒව ගැන හොයනවද?
කාළකණ්ණී, වටවෙලා ගහන්ඩ ඕනෑ ආයෙත් මේ වගේ එකක් දැක්කොත්, ඉගෙනගත්තේ නැති සක්කිලි, බලය හින්දා ඔලුව ඉදිමිලා ඉන්නේ,
රාජ්‍ය" අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට දැන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත" .අදාළ පැමිණිල්ල කිරීමට පොලිසියට ගිය පහර කෑ තැනැත්තාට පොලිසිය නිලධාරින් පවසා ඇත්තේම අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසු දින ඇවිත් පැමිණිලි කරන ලෙසය. මෙම සිදුවීම පොලිසියේ උසස් නිලධාරීන්ගේ ඇස යොමුවිය යුත්තේ ඉහත කාරනා දෙකටයි
යුක්තිය රජයන්න කතා කරන ඇමැති සහ පොලිස්පති ඇදයටද?
නටපං උබල ඔක්කොම චන්දේ තියනකන්, උබලගේ ඔය වැඩ වලින් තව තව තොපිව මිනිස්සුන්ට එපා වෙන එකයි වෙන්නේ ...
ඔව් ඔව්. උඹලට තරහා ගියාම යටත්වැසියෝ වන්දි ගෙවන්න ඕනේ. බල්ලට ගිය රට. අර අරක්ෂක අංශ, මේ ආරක්ෂක අංශ හිටියට මේ වගේ බල්ලො බැඳලා දාන්න එකෙක් නෑනේ. මොකද උන් බයයි ඊට පස්සේ මොකක් වෙයිද කියලා. පොඩි සිද්ධියක් වගේ පෙනුනට මේවා නවත්තන්න පාලන ත්රන්තයේ හා ජන විඤ්ඤානයේ ලොකු වෙනසක් ඕනේ.
ඇමතිකමේ මන්ත්‍රීකමේ ඉන්න අන්තිම දවස් ටිකනි ඔය දාන සෙල්ලම් වලට මිනිස්සු කතිරෙන් පිලිතුරු දෙන්න බලාගෙන ඉන්නේ
මුලින්ම නඩු දාන්න ඕනෙ පැමිනිල්ල බාර ගත්තෙ නැති පොලිසියෙ කාලකන්නින්න්ට.
අප්ප්පචිගේ දැත් ශක්තිමත් කරන්න කියල බයියෝ පාර්ලිමේන්තු යවපු කට්ටිය තමයි මේ
ගුවන්තොටුපලෙ රස්තියාදු කාරයන් හෝ චන්ඩීන් විදියට හැසිරෙන්න දෙන්න බැ..කියලා කව්ද කිව්වා නේද?" කොමේ ටිරාන් ?
පොහොට්ටුවේ මහ අය රෙදි කරට අරන් නැටුවා.දැන් පොඩි අය රෙදි නැතිව නටනවා.දැන් මොහු සේවකයාට පහර දුන් බව පිළිඅරගෙන තියෙනවා.මොහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.
ඉතින් පොලිස් දෙපාර්තමේන්තුව අහිංසක කම්කරුවන්ට සලකන්නේ එහෙමයි,යුක්තිය . බල්ලෝ ඇට කනවා. පොලිස් දෙපාර්තමේන්තුව ඉහළ සිට පහළට දූෂිතයි. අපි බලමු පොලිස්පති මේ සිද්ධිය ගැන පියවරක් ගනීවිද නැද්ද කියලා.
සංගම් නිලධාරින්, අහිංසක මනුස්සයාගේ පිහිටකට කවුරුත් නෑ... ඇමැති මිරිස්ට තව ඇමැති ධූරයක් ලැබෙයි.. පොලිස් ලොක්කෝ නිහඬයි..
මෙහි තනිකර වැරැද්ද තියෙන්නේ ගුවන් තොටුපළ අධිකාරියේය, බල්ලන්ට ගවයන්ට හා බුරුවන්ට ගුවන්තොටුපළ පරිශ්‍රයට ඇතුලත් වෙන්න බැරි විදිහට ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කෙරුවා නම් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.
මේ වගේ හරක් පැටව් ඇමතිකම් කරනකොට රටකට ඉදිරියට යන්න පුලුවන්ද ?මොහුට දඬුවම් කල යුතුය
මොවුන් නැවත නැවතත් දියවන්නාවට එන්නෙ සහ ඇවිත් ගොං පාට් දන්නෙ , මොවුන්ට රෙදි නැතිව රටේ කඩේ යන බත් බැලයන්-බත් කන ගවයන් නිසා. මොවුන් සියල්ලම ජනතා මනාපයෙන් රාජ්‍ය පාලනයට දියවන්නාවට ඇවිත් කරන හොරකම්, මැරකම්, වංචා, දුෂණ, තක්කඩිකම්වල ඉමක්-කොණක් නැති අතර, රටට-ජනතාවට තොග වශයෙන් ගොං පාටුත් දමයි. අසාධාරණයට ලක්වූ සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ පැමිණිල්ල භාර නොගැනීම මගින් ලංකාවේ පක්ෂග්රාහී පොලිසිය මේ තක්කඩින්ට තිබෙන ඒක පාක්ෂික භාවය නැවත, නැවතත් ප්‍රදර්ශනයකර ඇත. මේ තියෙන ක්රමයම රටට-ජනතාවට මහා විපතක්. රට හරිමගට ගන්න මේ පවතින ක්‍රමය සහ මොවුන් සියල්ලම වෙනස් විය යුතුමයි. නැතිනම් සිරි ලංකාවට සදාකල් "අනේ අපොයි-අබ සරණයි" තමයි.
වැස්සකටවත් පාසැල් නොගිය නුගත් , අමනයින්ව මැතිසබයට යවන්න එපා කියන්නේ ඕක තමා
වැඩි කල් නැත්නම් ලැබෙන්නේ නෑ මේගොල්ලන්ට
මුන්ට නීතිය නෑ. පුදුම රටක්
තොපි ගහල මදි අපිට.
දැන් අපි බලා සිටිමු... ඡාත්‍යන්තර ගුවන් සේවා වල රස්තියාදුකාරයෝ වගේ හැසිරෙන්නඩ බෑ කියපු ටිරාන් අලස් මේකට මොකද කියන්නේ කියලා...
වත්මන් ජනාධිපති රාජපක්ෂ සමාගමේ ඉල්ලීම මත පොහොට්ටුව කුජීතවීමෙන් වළක්වා ගැනීමට ආණ්ඩුව විසුරුවා නොහැරියොත් ඉතින් මුන්දැල ඔක්කොමලා ආයෙත් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නෙ නැහැ
පොලිසියේ පැමිණිල්ලක් දාන්න ස්ථානාධිපති ඉන්න ඕනෙද? දන්නැති නිසා ඇහුවේ.
දැන් පොලිසිය බාර ඇමැති මේ රාජ්‍ය ඇමැතිව චිඩ් එකට ගෙනල්ල "ඡාත්‍යන්තර ගුවන්තොටුපළවල්වල රස්තියාදුකාරයෝ වගේ හැසිරෙන්නඩ බෑ කියල ප්‍රශ්ණ කරන්නෙ කවදාද??? එක රටක් නීති ගොඩක්....රටට අබම සරණයි .....
HD, සාමාන්‍ය ජනතාවට පොලිසියේ පැමිණිල්ලක් දාන්න ස්ථානාධිපති ඉන්නම ඕනෙ. මැති-ඇමති කෙනෙක්ට පැමිණිල්ලක් දාන්න, කටඋත්තරයක් ගන්න නම් පොලිසිය මැති-ඇමති බංගලාවටම ගිහිල්ල එක කරනවා. මතකද පොලිසිය හිටපු සෞඛ්යඇමති බංගලාවට බඩගාපු හැටි VIP සර්විස් එක දෙන්න ....
මෙයාට කේන්ති ගියාම අනිත් අහිංසක අය පළි. කසිප්පු කාරයින් පත්කරන අයට ගහන්න ඕනෑ පෝලිමේ තියලා...
හෙන ගහපං මුන්ට ඡන්දෙ දුන්නු උන්ට
මොවුන්ට නීතියක් නැද්ද? මොවුන් ඇතුළට යවන අපි මෝඩයෝ...