( පද්මසිරි ගාර්දියවසම් )        

තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයෙකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල , උණාකූරුව ,කැටකාලවත්ත  පදිංචිව සිටි එදිරිවීර පටබැදිගේ නිහාල් නමැති 57 හැවිරිදි විවාහකයෙකි . 

තනිවම ඔරුවක නැගී මුහුදු ගොස් ඇති අතර   සවස් වෙනතුරු නැවත නොපැමිණීම නිසා සොයා බැලීමේදී  ඔහු පැදගිය ඔරුව පමණක් කුඩාවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී හමුවී  ඇත .

පසුව ධීවරයාගේ මළසිරුර නිල්වැල්ල දූවගාව වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය .