ජනශක්ති සමූහයේ සාමාජික ආයතනයක් වන Orient Finance PLCසමාගම සිය වෘත්තිකයන්ට සේවය කිරීමට වඩාත් සුදුසු විශිෂ්ට පරිසරයක් ආයතනය තුළ නිර්මාණය කරදීම වෙනුවෙන් නොකඩවා දෙවැනි වරටත් Great Place to Work ® විශිෂ්ටත්වයේ සහතිකකරණය ලබා ගැනීමට සමත්විය.
ආයතනයක් සතු අගනාම වස්තුව එම ආයතනයේ සේවකයන් යන මූලික සංකල්පය පෙරදැරිව ධනාත්මක වෘත්තීය පරිසරයක් ස්ථාපිත කිරීමට ආයතනය විසින් අඛණ්ඩව සිදුකරනා කැපවීමට මෙම සහතිකකරණය මගින් තවත් වටිනාකමක් එක් වූ බව එම සමාගම කියයි.
Great Place to Work ® යනු ආයතනයක් තුළ වෘත්තීය පරිසරය මෙන්ම සේවකයන්ගේ ධනාත්මකභාවය මැන බැලීම සඳහා සේවක අදහස් නිර්නාමිකව එකතු කරගනිමින් ස්වාධීන දත්ත විෂ්ලේශනයක් ඔස්සේ ලබාදෙන්නා වූ සහතිකකරණයකි. එම විෂ්ලේශනයේ තොරතුරු දත්ත පදනම් කරගෙන ආයතනය තුළ වෘත්තීය විශ්වාසය ගොඩනැංවීම, උසස් කාර්ය සාධනයක් සහිත වෘත්තීය පරිසරයක් ගොඩනැංවීම හරහා සේවක යහපැවැත්ම වැඩිකිරීම සහ ව්‍යාපාරයේ සාර්ථකත්වය ගොඩ නංවා ගැනීමට මෙමගින් සහය ලබාදෙයි.
මෙම විශිෂ්ටත්වයේ ජයග්‍රහණය ගැන සිය අදහස් දැක්වූ අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම්. ජබීර් මහතා මෙසේ පැවසීය.“දෙවැනි වරටත් අප ආයතනයට Great Place to Work® සහතිකකරණය ලැබීම මගින් වඩාත් උසස් වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීමට අප දිගටම සිදුකරමින් යන කාර්යභාරයට වඩාත් ඉහළ ඇගයීමක් ලැබුණා. ඒ වගේම තවදුරටත් සේවකයන් සමග සමීප වෙමින් ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් ඔවුන්ට වැඩකරන්නට සුදුසු පරිසරයක් අප ආයතනය තුළ ගොඩනැංවීමට අපට අවශ්‍යයි. අපගේ සේවකයන්ගේ නව අදහස් සහ නිර්මාණශීලීත්ව අගය කරමින් එයට දිරි දෙමින් වඩාත් ධානාත්මක සහ සේවක සහයෝගීත්වය සපිරි පරිසරයක් ගොඩනංවා ගැනීමට අප හැමදාමත් කැපවෙනවා, වඩාත් විශිෂ්ට ආයතනයක් ලෙස අපට සාර්ථකත්වයට පත්වෙන්න හැකියාව ලැබෙන්නේ මෙවන් ආයතනික ගුණාංග තුළින්ම පමණයි."
දිවයින පුරා ශාඛා 31කින් සමන්විත Orient Finance PLC ආයතනය විසින් ඉතිරි කිරීමේ ගිණුම් සේවා, තැන්පතු, ලීසිං පහසුකම්, කුළී පිට ගැණුම්, රන් ණය, විකල්ප මුල්‍ය විසඳුම්, ආයතනික මුල්‍යකරණය සහ තවත් මුල්‍ය සේවා රැසක් සපයයි.
595
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඔරියන්ට් ෆිනෑන්ස් සේවය කිරීමට හොඳම ආයතන අතරට