
(සුජිත් හේවාජුලිගේ)
ඔම්බුස්මන් කාර්යාලයේ තනතුරුවලින් අඩකට අාසන්න සංඛ්‍යාවක් එනම් පහළොවක් පුරප්පාඩුවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මින් පරිපාලන නිලධාරී තනතුර වසර හයකට වැඩි කාලයක සිට පුරප්පාඩුවී පවතින හෙයින් ආයතනයේ අරමුණු ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය හැකි බවද එහි දැක්වේ.
ඔම්බුස්මන් කාර්යාලයේ අනුමත සේවක සංඛ්‍යාව තිස් දෙකකි.
රාජ්‍ය සහ වෙනත් ඒ හා සමාන ආයතනවල නිලධාරීන්ගෙන් සිදුවන පරිපාලනය අසාධාරණකම් පිටුදැකීම මෙම කාර්යාලයට පැවරී ඇති වගකීම වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ ඔම්බුස්මන් කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
මෙම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරිණ.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1560
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔම්බුස්මන් කාර්යාලයේ පුටු බාගෙට බාගයක් හිස්
himal Thursday, 04 September 2025 01:57 PM
පහුගියදා මොකද කාර්යාලයක පඩි ගෙවන්න මෙච්චරයි, අරවට මෙච්චරයි, මෙව්වට මෙච්චරයි කියලා පඩි ගෙවන එක ලොකුවට පෙන්වලා විගණන වරු කිව්වා කියලා මාධ්‍යවල ගියානේ. එතකොට ඒ තනතුරු පිරෙව්වම මේකටත් එහෙමම ලියයිද දන්නෙ නෑ නේද? පඩි ගෙවන්න මෙච්චර ගියා හා.... පෝ.... කියලා.
සත්‍යපාල Thursday, 04 September 2025 05:48 PM
ඔය කියන කාර්‍යාලයේ නිලධාරින් කරන විමර්ශන වලින් පසුව අදාල ආයතනවලට දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකොලොත් ඉදිරි පියවරක් තියෙන බවක් නැහැනේ... එහෙම නම් තවත් සේවකයෝ බදවාගෙන ජනතා මුදල් නාස්ති කරන්නේ මොකටද?
ලුම්බිණි Friday, 05 September 2025 06:58 AM
මමත් මෙතැනට පැමිණිල්ලක් කළා... රජයේ ආයතනයක තීරණයට විරුද්ධව... අන්තිමට මම පැමිණිල්ල කළ ආයතනයේ තීරණයට පිටින් මේ අයට කරන්න දෙයක් නැහැ කියලා මට කිව්වා. කිසිම ඵලයක් නැති තැනක්...