IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඔමික්‍රෝන් උප ප්‍රභේදය හෘද සෛලවලට හානි කරනවා

කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ, උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ‘බී.ඒ.5’ විකෘතිය වේගයෙන් බෝ වන බිහිසුණු විකෘතියක් බවත්, ‘බී.ඒ.5’ හෘද සෛලවලට හානි සිදු කරන බවත් පෘතුගාල වෛද්‍ය පර්යේෂකයෝ කියති.

‘බී.ඒ.5’ වයිරසය සම්බන්ධයෙන්, පෘතුගාල වෛද්‍ය පර්යේෂකයන් පුළුල් පර්යේෂණ කිහිපයක් සිදු කර ඇති අතර, ඔවුන් මේ වන අනාවරණය කරගෙන ඇත්තේ ඒ අනුවය. පෘතුගාලයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,337,121 කි. මරණ වාර්තා වන්නේ 24,587 ක් ලෙසය. සුවය ලැබූ ගණන 4,237,853 කි.

‘කොවිඩ් 19’ වසංගතයේ සැර බාල කිරීමට, රෝහල්ගත කිරීමට සිදුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අවම කිරීමටත් ‘ඔමික්‍රෝන්’ සමත් වූ නමුත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් බිහිවුණු උප විකෘති බිහිසුණු ස්වරූපයක් ගෙන තිබේ.

මේ වනවිට ලොව නන්දෙසින්‘ කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ ද ‘ඔමික්‍රෝන්’ විකෘතියේ උප ප්‍රභේද හේතුවෙනි. උප ප්‍රභේද කීපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර, එයින් බිහිසුණු උප ප්‍රභේදය ලෙස සැලකෙන්නේ ‘බී.ඒ.5’ ය.

රෝහල් ගත කෙරෙන ආසාදිතයන් ගණන ඉහළ යමින් පවතින්නේත්, වැඩි වැඩියෙන් මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේත් ‘බී.ඒ.5’ උප විකෘතියේ බලපෑම නිසා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා තිබේ.මේ වනවිට ලොව

සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 579,780,429 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 6,414,615 ක් ලෙසය. ‘කොවිඩ් 19’ ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 549,638,534 කි.

(රොයිටර්)



අදහස් (1)

ඔමික්‍රෝන් උප ප්‍රභේදය හෘද සෛලවලට හානි කරනවා

ජගත් ලියනගේ Friday, 29 July 2022 10:53 AM

ඔය වයිරස් ප්‍රභේදය 226 ඉන්න වෙලාවක් බලල එතනට යවන්න විදියක් නැත්ද?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site