(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා කළුතරට ඇප මුදල් තැන්පත් කරගෙන යන අතර "ඔබතුමා ඊට පිටිපස්සෙන් වැඩ කරගෙන යන්නැයි" අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විමසූයේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සඳහා දින නියම කර තිබෙන නමුත් පළාත් පාලන ආයතන කිසිවක් විසුරුවා හැර නැති බවයි.
පළාත් පාලන ආයතන විසුරුවන්නේ නැතිව ඡන්ද පවත්වන ප්‍රථම අවස්ථාව මෙය බවද රහුමාන් මහතා කීය.
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ පාලන ආයතනවල කාලය ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසම බවයි. සියලු පළාත් පාලන ආයතන වල කාලය මාර්තු 20 වැනි දා වන විට හමාර වන බවට වන ගැසට් නිවේදනයක් පමණක් දැනට තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා මෙය මැතිවරණ කොමිසමට අයිති ප්‍රශ්නයක් බවද වෙනත් සැකයක් ඇති කර ගන්න අවශ්‍ය නැතැයි ද කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
’’ඔබතුමා අපේ පස්සෙන් එන්න’’