(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔන්ලයින් පනත මගින් ආවරණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කොට වංචා කිරීම්,අන්‍යයකු සේ පෙනී සිටිමින් වංචා කිරීම ඇතුළු මුලික කරුණු නවයක් සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කැරැල්ලක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,ළමා අපචාර ,කාන්තා හිංසනය,ආගමික සහජීවනයට බාධා කිරීම,අසත්‍ය ප්‍රචාර සිදු කිරීම මගින් ජාතික ආරක්ෂාවට නීතිය හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම යන කරුණු ද ඔන්ලයින් පනත මගින් ආවරණය කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසූයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් යෝජනාද සමඟ නව පනත සම්මත කර සිවිල් සංවිධාන නියෝජිතයන් විවිධ සිවිල් සංවිධාන දුන් අලුත් චෝදනා ද ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ගැසට් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අසත්‍ය ප්‍රචාර සිදු කිරීම මගින් ජාතික ආරක්ෂාවට නීතිය හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට..." ඔන්න ඔය කෑල්ල ඇතුලේ ඉතින් තවත් රසවත් කතා තියෙන්නේ .ජනාධිපති උතුමාණන්ට අපහාස කරා ,උතුමානන්ගේ සාගල මැතිතුමාට බැනලා අපහාස කරා කියලා නඩු දායි
ඔබ සමාජ මාධ්‍ය වාරණයට එරෙහි නම් මේ පනතට පක්‍ෂව චන්දය දෙන මන්ත්‍රීවරු ඊලග මැතිවරණයේදී ගෙදර යවන්න වග බලා ගමු
මම නම් හිතන්නේ රට වටකොට වට බැන්දත් මිනිස්සුන්ගේ කට වටකර වැටවල් බඳින්න නම් ආණ්ඩු පක්ෂෙට බැරි වේවී. ඔන්ලයින් ඔස්සේ අදහස් පල කරන්නේ ආණ්ඩු පක්ෂේ වැරදි විවේචනය කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි දහස් ගණනින් බව ආණ්ඩු පක්ෂයට තාම තේරිලා නැහැ. ජනතාවට තමන්ගේ අදහස් සාධාරණව තියෙන ඉඩ අහුරලා එක එක ඔය ආණ්ඩු පක්ෂේ නිර්වචන ඔස්සේ ඒවා ගැන තීන්දු අරගෙන දඬුවම් කරන්න ගියොත් නම් ඉතින් ආණ්ඩු පක්ෂෙට වෙන වැඩක් කරන්න කාලයක් ඉතුරු වෙන එකක් නැහැ. මිනිස්සු බුරුතු පිටින් අල්ලාගෙන උසාවි දාන්න වේවී. පොලිසි වලට වෙන වැඩක් නැති වේවි. හිර ගෙවල් රට පුරා හදන්න වේවි. එක්කෙනෙකුට දඬුවම් කලොත් තව සිය දහස් ගණන් එක වර අභියෝග කරාවි. ආන්ඩුවේ ඉදිරි ආයු කාලය අඩු බව මිනිස්සු බය වෙන එකකුත් නැහැ. මේකට අත උස්සන දියවන්නා සෙට් එකට ඉතින් මැතිවරනෙන් පස්සේ යන එන මන් නැති වේවි.
ඕනෑම නිදහසක් දෙන විට එයින් අනෙකාගේ නිදහසට හානි කිරීමේ අවස්ථාවන් ඇහිරිය යුතුය. පුරවැසියකුට සත්‍යය දැනගැනීමට, සාමයෙන් සමගියෙන් විශ්වාසයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට අයිතියක් තිබිය යුතුය. වෛරය, බොරුව, අසහනය වපුරන අපහාසය හා අසීරුතාවයට පත්කිරීම මූලික අරමුණ වන සමාජ මාධ්‍ය භාවිතය නොපමාව පාලනය කල යුතුය. ඒවා සාමකාමී සමාජයකට බාධාවන්ය. එවැනි සාමකාමී සමාජ වල තම ව්‍යාපාරයන්ට අවස්ථාවක් නැති බැවින් මෙවැනි සමාජ මාධ්‍යකරුවෝ පළමුව සිදුකරන්නේ සමාජයක සාමකාමී බව කඩා බිඳ දැමීමයි. මෑත කාලීන සිදුවීම් අනුව මෙම පාලනය හා නියාමනය තව දුරටත් ප්‍රමාද නොකල යුතුය. සමාජ මාධයයන් යහපත සඳහා යොදාගන්නා කිසිවකුටත් මෙහි කලබල වීමට හේතුවක් නැත. කලබල වන්නේ පෙර කී සමාජ විරෝධීන්මය.
ඔය මැති ඇමතිවරු මුළු රටක් රවට්ටන්න සමාජ මාධ්‍ය තුල කියන පට්ට පල් බොරු..ඔය කියන පනතට යටත් වෙන්නේ නැද්ද ?
දේශපාලුවන් ජනතාවට කරන අපහාසවලට මොවුන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෑ. දැන් බලන්න රටේ නායකයා ඉන්නවා. මන්ත්‍රී කෙනෙක් වෙන්නත් ජනතාව ඡන්දෙ දුන්නු කෙනෙක් නෙවෙයිනේ... ඒත් මිනිහා රටේ දේපළ විකුණන්නේ ඉහළම ජනවරමක් ලැබුණු කෙනෙක් වගේ...
මීළඟ චන්දයෙන් පත්වන අලුත් ආණ්ඩුව ඔය ජරා මගුල විසිකරනවා.ඕකට අත උස්සපු හොරු මැරයෝ ඔක්කොම කුඩුවට යවනවා,අනිවාර්යයෙන්ම.
පාර්ලිමේන්තු වේ කතා කරන ගොඩක් දේවල් සමාජ මාධ්‍ය දාන්න බැරි වෙයි මොකද ඒකේ කතා හින්දා ඔය ඔක්කොම ගැටලු ඇති වෙනවා...
යකෝ ගෑනු හිංසනය විතරද තියෙන්නෙ පිරිමි හිංසනය ට නීති නැද්ද, මොකද්ද මෙ නීති හදන එක