(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද?නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දය වැඩි ඡන්ද 33කින් ජයග්‍රහණය කළේය.
පනත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83 ක්ද විපක්ෂව ඡන්ද 50 ක්ද ලැබිණි.
ඒ අනුව ඔන්ලයින් පනත පාර්ලිමේන්තුවේදී අද සහ හෙට විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පනත් ගෙනාවත් මිනිස්සු චන්‌දෙ දෙන්න ජනතාවට ඇති පීඩනය දුශ්කරතා හිතල බලල. රට බන්කොලොත් කරපු අයට ලෝකෙ ට නය වෙන බදු පිට බදු ගහල රට ගොඩ ගත්ත කියල බොරු පුරසරම් දොඩන අයටත් චන්ද ලැබෙන්නෙ නැහැ.
ඔබ සමාජ මාධ්‍ය වාරණයට එරෙහි නම් මේ පනතට පක්‍ෂව චන්දය දෙන මන්ත්‍රීවරු ඊලග මැතිවරණයේදී ගෙදර යවන්න වග බලා ගමු
රට අරාජික කිරීමට වලි කන බඩජාරි ඔන්ලයින් මඩකාරියන්ට වැට බඳින මෙම පනත වැඩි චන්දයෙන් සම්මත වනවා නම් එය රටට යහපත්ය,
අප හට තොරතුරු දැනගැනීම සඳහා වගකිව යුතු හා පිලිගත් මාධ්‍ය ආයතන ගනනාවක්ම ඇත. ඒවා හොඳටම ප්‍රමාණවත් වන අතර ඒවා පිළිබඳව අප හට හොඳ විශ්වාසයක්ද ඇත. අනුන්ට මඩ ගසමින්, ජාතික ආගමික සමගියට හානි කරමින්, එකකුගේ හෝ කිහිප දෙනෙකුගේ සිතුවිලි පරම සත්‍යය යැයි අනුන් මත විශ්වාසය බලෙන් පැටවීමට උත්සාහ දරමින් කුණු වපුරන සමාජ මාධ්‍ය කරුවන් සැබවින්ම පාලනය කල යුතුය. එවැනි කිහිප දෙනෙකුගේ උවමනාකම් වලට අප කිසිවකුත් අපගේ ඓතිහාසික අනන්‍යතාවයන් හෝ අපගේ හර පද්ධතීන් විනාශ කිරීමට ඉඩ දිය යුතු නොවේ. එබැවින් සමාජ මාධ්‍යයන් නියාමනය විය යුතුමය. මෑත වර්ෂය තුල පමණක් අපගේ ජාතික ආගමික දේශපාලනික වශයෙන් කරන ලද අපහාසයන් දෙස පමණක්ම බැලීමම හොඳටම ප්‍රමාණවත් වේ. කිසිදු සමාජ පිලිගැනීමක් නැති රැවුලකාරයන්, කුඩ්ඩන්, අපතයන් විසින් එවැනිම අපතයන් කිහිප දෙනෙකුගේ සහායෙන් තම විකාර අදහස් තරුණ හා ළමා පරම්පරාව වෙත වැපිරීම සඳහා මෙම සමාජය භාවිතා කරන බැවින් අපගේ අනාගත පරම්පරාවට නිවැරදි දැක්මක් මගපෙන්වීමක් ලබා දීමට නම් මෙවැනි අවිධිමත් මාධ්‍ය තුරන් කල යුතුය. ඒ සඳහා ශක්තිමත් නීති සකස් විය යුතුය.
කාලකන්නි පාලන ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්දයි .පුරවසියාව බලහත් කාරයෙන් තමා දේශපාලන අරමුණු වෙනුවෙන් පාගා දැමීම වෙනුවෙන් ගෙන එන මෙවැනි අනපනත් බලය ලබාගැනීම වෙනුවෙන්ම පමණක් අරමුණු කරගත් ජඩ පාලකයින් මීළඟ චන්දෙදී අතු ගා දැමිය යුතුයි