IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඔන්ලයින් පනත ලබන 23-24 විවාදයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන  23 සහ 24  පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12) තීරණය කළේය.

පාර්ලිමේන්තුව දෙවැනි සතියේදී දින දෙකක් (23 සහ 24)  පමණක් රැස්වීමටද තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ  ජනවාරි 25 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩුව යෙදී ඇති  බැවිනි.

මේ අනුව මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එදින පෙරවරු 9.30 ට ආරම්භකර   ප.ව 5.00 දක්වා පැවැත්වේ.

අනතුරුව  අධිකරණ අමාත්‍ය  ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද  ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා  නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට   නියමිතව ඇත.



අදහස් (3)

ඔන්ලයින් පනත ලබන 23-24 විවාදයට

Jagath Friday, 12 January 2024 08:42 PM

ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී කාලකන්නි පනත සම්මත කරගන්න පක්ෂව ඡන්දේ දීපු එක දේශපාලුවෙක්වත් ගමට එහෙම එන්න හිතන්න එපා... ඡන්දේ මනාපේ ඉල්ලගෙන...

:       20       2

Bamunuarachchi Saturday, 13 January 2024 07:32 PM

සමාජමාධ්‍ය වහාම ක්‍රීයාත්මක වන පරිදි තහනම් කර දමන්න. මේක වසංගතයක්.

:       0       0

Bamunuarachchi Sunday, 14 January 2024 03:39 AM

මේ පනත හොඳින් හෝ නරකින් සම්මත කරන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site