(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12) තීරණය කළේය.
පාර්ලිමේන්තුව දෙවැනි සතියේදී දින දෙකක් (23 සහ 24) පමණක් රැස්වීමටද තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනවාරි 25 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩුව යෙදී ඇති බැවිනි.
මේ අනුව මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එදින පෙරවරු 9.30 ට ආරම්භකර ප.ව 5.00 දක්වා පැවැත්වේ.
අනතුරුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී කාලකන්නි පනත සම්මත කරගන්න පක්ෂව ඡන්දේ දීපු එක දේශපාලුවෙක්වත් ගමට එහෙම එන්න හිතන්න එපා... ඡන්දේ මනාපේ ඉල්ලගෙන...
සමාජමාධ්‍ය වහාම ක්‍රීයාත්මක වන පරිදි තහනම් කර දමන්න. මේක වසංගතයක්.
මේ පනත හොඳින් හෝ නරකින් සම්මත කරන්න...