(සුජිත් හේවාජුලිගේ)
විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගෙන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ (ඔන්ලයින් ) වෙනස් කරේ.
මේ අනුව පනතට අදාළව සංශෝධන 47 ක් කැබිනට් මණ්ඩලයට අද(12) ඉදිරිපත් කිරීමට නියමිතය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කෙරෙන්නේ එම පනතේ වගන්ති 47 ක් වෙනස් කිරීම සඳහාය.
මෙම සංශෝධන කැබිනට් මණ්ඩලයේදී අද බොහෝදුරට සම්මත වීමට නියමිතය. මේ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු පළමු වර කියවීම සඳහා බොහෝ දුරට පාර්ලිමේන්තුවට ලබන 20 වැනිදා ඉදිරිපත් කෙරේ.
එම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශ්වවල දැඩි විවේචන එල්ලවී ඇත. මෙම පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා පාර්ලිමේන්තුවේදීද චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පනතට සංශෝධන සකස් කිරීම අවසන් අදියරේ පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් උඹලා අවසන් අදියරේ ඉන්න බව දන්නවද?
මේ ඇමතියෝ කියන දිවවල් 4ක් 5 ක් තියෙන අමුතුම සත්තු මේ රටේ " කීර්තියක් " කියා දෙයක් ඉතිරිවෙලා තිබේනම් ,එයත් නැත්තටම නැතිකරන රටට විනම කරන පරපෝෂිතයින් පිරිසකි. ඔන් ලයින් පනත ගැන කතාකරද්දී මුලින්ම ..ශ්‍රේෂ්ටාධිකරණයෙන් ප්‍රතික්ෂපකොට නිවැරදි කරන්නකිව වගන්ති සියල්ල හැදුවා කීවා.ඊට පස්සේ නීතිපති නැවත පරික්ෂා කළා කීවා. ඒ කියන්නේ අලුත් පනතේ " මානුෂික අයිතිවාසිකම් " උල්ලන්ඝනයවන කොටස් නැහැ කියලානේ. ඉහලින් එන තර්ජනවලට බයේම කතානායකට පනතට අත්සන් කරන්න සිදුවුනා. දැන් අන්තිමට " බිල්ලට " හිරවුණේ කතානායක පොලි මුදලාලි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනය කියනවා " මේ පනත මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා " කියලා.ගියමාසේ ටිරාන් සුදු කොන්ඩයා කීවා " මම උන්ට බය නැහැ" කියලා.නමුත් දැන් තත්වය එහෙම පිටින්ම කණපිට ගහලා , දවසක ඔය පනත නිසා කට්ටියටම හිරේ යන්න වෙනබව වැටහෙන නිසා දැන් පනතට සංශෝධන ගෙනෙනවාලු.නොදෝමකින් විතරක් මුන්ද " ඇමතියෝ "කියන්නේ ???මීට වඩා හොඳ උන්10 ක් පොල් පිත්තකින් කපාගන්න පුළුවන්.
දේශපාලන අපතයින්ගේ අපත ප්‍රකාශන අයින් කරන්න. ඔවුන් මාධ්‍ය එක්ක එකතුවෙලා පට්ට මාෆියාවක් ගෙනියන්නේ...!
පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක වගන්ති 47ක් වෙනස් කරනවා කියන්නේ සුළුපටු දෙයක් නොවෙයි. දැන් නැවතත් කැබිනට්ටුවට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර, විවාද කර, නැවත සම්මත කරන්නත් මහජන මුදල් තමයි කාබාසිනියා වෙන්නේ...!
ත්‍රස්තවාදීන්ට සල්ලි දීපු කෙනෙක් ගෙන් මේ වගේ වැඩ හරියට බලාපොරොත්තු වෙන්න තරම් මිනිස්සු මෝඩ නෑ.