(සුජිත් හේවාජුලිගේ)
මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන දරුවන්ට දුරකතන පාවිච්චිය සඳහා අවශ්‍ය කෙරෙන සංඥා පහසුකම් (DATA) සඳහා කිසියම් හෝ අනුග්‍රහයක් දක්වන්නැයි ගුරුවරු හා මව්පියෝ රජයෙන් ඉල්ලීමක් කරති.
ජංගම දුරකථන සමාගම් සමඟ සාකච්ඡා කර ඒ සඳහා වැඩපිළිවෙළක් යොදන ලෙසටද ඔවුහු ඉල්ලා සිටිති.
කොරෝනා වසංගත තත්වය සමග මතුවී ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මවුපියන් බොහෝ පිරිසකට සංඥා පහසුකම් සඳහා මුදල් වැය කිරීමට අපහසුතා මතු වී තිබෙන බව අධ්‍යාපන නිලධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සන්නිවේදන සමාගම් තියෙන්නේ හොඳටම ලාභ ලබන ආයතන අතරත් ඉහළින්. රජය ඔවුන්ට උපදෙස් දෙන්න ඕන රටේ දුප්පත් ජනයා සඳහා සහනදායී ඉන්ටර්නෙට් පැකේජ හදන්න කියලා. කොරෝනා වසංගතයත් එක්ක.. ඉන්ටර්නෙට් අවශ්‍යතා විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක, මේ සමාගම්වල ලාභය සෑහෙන්න වැඩි වුණා. ඒ වුණාට ඔවුන් කිසිම සහනයක් රටේ පාරිභෝගිකයින්ට ලබා දුන්නේ නම් නෑ.
කෝ රනිල්ගේ WIFI කලාප? ආයිත් එයා රට හදන්න පාර්ලිමේන්තුවට එවිල්ල. ඒ වෙනුවෙන් බැලූන් ඇමතිකෙනකුත් පත් කළා.
මාර්ගගත අධ්‍යාපනය හරහා විෂය කරුණු යම්තාක් දුරකට ලබාදිය හැකියි. නමුත් දරුවන් වසරකට වැඩිකාලයක් වාර විභාග 4 කට මුහුණ දී නැත. දරුවා, ගුරුවරයා සහ දෙමව්පියන් සැබවින්ම දරුවාගේ අධ්‍යාපන මට්ටම කෙලෙසදැයි ප්‍රමාණාත්මකව නොදනී. කොවිඩ් නිසා ආර්ථිකයට වන මෑතකාලීන බලපෑමට වඩා අධ්‍යාපනය ක්‍රමවත් නොවීම නිසා රටේ අනාගතයට දිගුකාලීනව සිදුවන අහිතකර බලපෑම අතිශය විශාලයි.