(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෙනත් පුද්ගලයකුට අයත් ගිණුමකින් රුපියල් 134,000ක මුදලක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගිණුමට බැර කර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක් තලාතුඔය පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොළඹ මිහිඳු මාවතේ පිහිටි නාගරික රටවාහන කොට්ඨාශයයේ පොලිස් කොස්තාපල්වරයෙකි.
ඉලූක්මෝදර ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි අයකු තම බැංකු ගිණුමෙන්ඔන් ලයින් ක්‍රමය ඔස්සේරුපියල් 584,555 ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇති බවට පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
ලැබුණු මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී මෙම සැකකාර කොස්තාපල්වරයාට අයත් ගිණුමට එම මුදලින් කොටසක් වූ රුපියල් 134,000 මුදලක් බැරවී ඇති බවට හෙළිවීමෙන් පසු එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බවද තලාතුඔය පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් විනය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇතැයි දැනගැනීමට ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන්ලයින් ක්‍රමයට සල්ලි ඇද්ද ට්‍රෑෆික් රාලහාමි අත්අඩංගුවේ