
රෝෂන් තුෂාර
රුපියල් කෝටි සියයකට අධික ජනතා මුදල් පිරමීඩ ක්‍රමයෙන් වංචා කළේ යැයි කියන " ඔන්මැක්ස් ඩී.ටී." නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මීගමුවේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් තහනම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15)නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මීගමුව ඉඩම් රෙජිස්ටාර්වරයාට මෙම නියෝගය නිකුත් කළේ ය.
මහමොලකරුවකු ලෙස කටයුතු කරමින් "ඔන්මැක්ස්" පරිගණක පද්ධතිය නිර්මාණය කළේ යැයි කියන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක සැකකරු අධිකරණය මගහැර විදේශයකට පලා ගොස් ඇති බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් ඇප තැබූ පුද්ගලයින්ගේ දේපළ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.
ඔහු කිනම් රටකට පළාගොස් ඇත්දැයි සොයා බැලීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගන්නා බවද රහස් පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් මේ වගේ වෙනත් නමකින් තැන්පතු භාරගන්න මධ්‍යස්ථානයක් ආරම්භ කරොත් ,මේ මෝඩයෝ ඒ ආයතනයේත් විශාල වශයෙන් මුදල් තැන්පත් කරයි