( සිතුම් චතුරංග) 

ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටියදී අ‍ැඳවැටී එහි ලණුවට ගෙළ සිරවීමෙන් මුලතිව්, සෙම්මලෙයි හි දස හැවිරිදි දරුවකු  ජිවිතක්ෂයට පත්ව අ‍ැතැයි මුලතිව් කෝකිලායි පොලිසිය කියයි. 

නිවැසියන් වෙනත් කාර්යක නිරතව සිටියදී අවස්ථාවක දරුවා තනිව ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටයදී මෙම අනතුර සිදුව අ‍ැති බවත් පොලිසිය පැවසීය. 

එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව අ‍ැත්තේ  ප්‍රසාන්ත් දනෝෂ් නමැති දස හැවිරිදි පිරිමි දරුවෙකි.. 

සෙල්ලම් කරමින් සිටි දරුවා සම්බන්ධයෙන් මව විසින් සොයා බැලීමෙදී ගෙල සිරවී සිටි දරුවා දැක ප්‍රදේශවාසීන් සමඟ එක්ව කඩිනමින් මුලතිව් රෝහලට රැගෙන ගොස් අ‍ැති අතර , එහිදි දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.