
(පී.ගාර්දියවනම්, කවීෂා ගරුසිංහ,චන්ද්‍රසේන ගමගේ සහ කවීෂා ගුරුසිංහ)
නිවසක අනාරක්ෂිත ව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි .
මෙම දැරිය අද පෙරවරුවේ තම පියා සමඟ නිවසේ කොන්ක්‍රීට් කණුවක ඔංචිල්ලාවක් සෑදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇති බවත් පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇති අතර පියා ද බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව මාතර මහ රෝහල වෙත මාරු කර ඇත.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 09 වන නෙවින්දි යහාරා දෙව්මිණි නමැති දියණියකි. දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා බවත්,සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තංගල්ල පොලීසිය විසින් පවත්වාගෙන යන බව තංගල්ල පොලීසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ කරපු බාස් හොයලා රිමාන්ඩ් කරන්න ඕනෑ.
හරිම දුකයි. මේ බෝනික්ක නම් ටිකක් අමුතුයි.