
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) පස්වරුවේ නිවේදනය කළේය.
සෙසු ඉන්ධන වර්ග කිසිවක මිල සංශෝධනය කර නොමැති බවත් පැවති මිලම තවදුරටත් පවතින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඔටෝ ඩීසල් මිල සංශෝධනය ඊයේ රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 10න් මිල අඩුකළා කියන්න ලජ්ජා නැද්ද..?
කාංචන, මහින්දගේ රත්තරං බුදු පුතේ, මේ රුපියල් 10 කාසිය පරිස්සම් කරගන්න. අරං කොහේද ගහලා තියාගන්නේ කියලා... කියන්නකෝ... සූප්පුව කටින් බිමට වැටෙයි පරෙස්සමෙන්...!
විශාල වෙහෙසක් දරා, විශාල මුදලකින් තෙල් මිල අඩුකර ජීවන බර අඩු කල ඇමතිතුමන්ට අපගේ... ?
ලෝක වෙළඳපොළේ පැට්‍රෝල් වැඩි වුණොත් මෙහෙ වැඩි වේවි අඩු වුණොත් අඩු වෙන්නේ නෑ. මේක තමා පොහොට්ටු කාරයන්ගේ මිල සූත්‍රය. පහුගිය දින දෙක තුනේ පැට්‍රෝල් අඩුවෙනවා කියලා ඇමති බොරු කිව්වා. ඉන්ධන හල් හිමියන් එම නිසා ඉන්ධන ඇනවුම් කළේ නැහැ. ඒ නිසා පෝලිම් වැඩි වුණා. QR ආව කියලා පෝලිම් අඩු වුණෙත් නැහැ. ප්‍රශ්නෙ විසඳන පාටකුත් නෑහ. ඇමතිතුමා දැන් බොරු කියන එක නවත්වලා වැඩ කරන්න.
අම්මෝ මොනතරම් සහනයක්ද දෙයියනේ...? දැන් ඉතින් බඩුමිලත් අඩුවෙලා ප්‍රවාහන ගාස්තුත් අඩුවෙලා...