IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හි සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක්

කාලානුරූපී නත්තල් සම්ප්‍රදායන්ට මුල් තැනක් ලබා දෙමින් නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක් පසුගිය නොවැම්බර් 1 වැනිදා ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සිත් ඇදගන්නාසුළු ඉසව්ව ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හි විධායක සූපවේදියකු විසින් මෙහෙයවන අති දක්ෂ සූපවේදී කණ්ඩායමක මූලිකත්වයෙන් සිදු වූ අතර, ඔවුන්ගේ කලාත්මක බව සහ කැපවීමෙන්, සම්ප්‍රදාය ආරක්ෂා කරගැනීම පමණක් නොව නව මානයකට ඔසවා තැබීමට ඔවුහු සහතික වූහ.

මෙම උත්සවයේදී නත්තල් කේක් මිශ්‍රණය සඳහා ඇරෝමැටික කුළුබඩු, පලතුරු යුෂ සහ ප්‍රිමියම් ස්ප්‍රීතු යොදා ගත් අතර, සියලු‍ම අමුත්තෝ මනා උද්යෝගයකින් මෙම විශේෂ කටයුත්තට එක්වූහ. එමෙන්ම මෙම නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයෙන් සූපශාස්ත්‍ර සීමා අභිබවා ගිය සංවේදී සතුටක් ඉතිරි කළේය. ගෞරවනීය ගෘහස්ථ අමුත්තන්, ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පුද්ගලයන්, කාර්ය මණ්ඩල සාමාජිකයන්, පක්ෂපාතී අනුග්‍රාහකයන් සහ සුභ පතන්නන්ගේ සුවිශේෂී එක්රැස්වීමක් ලෙස දැක්විය හැකි මෙම උත්සවය, සාමූහිකත්වය, ආදරණීය අවස්ථා සමග බැඳුණු විචිත්‍රවත් මොහොතක් බවට පරිවර්තනය විය.

රැස්ව සිටි පිරිස අමතමින්, බාර්සිලෝ හෝටල් සමූහයේ මැද පෙරදිග සහ APAC හි වාණිජ අධ්‍යක්ෂ මිගෙල් මටෙඕස් මහතා මෙම අවස්ථාව පිළිබඳව සිය සතුට පළ කළේය. “මෙම උත්සවය ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා පමණක් නොව, ශ්‍රී ලංකා ඔක්සිඩෙන්ටල් හොටෙල්ස් සහ කීර්තිමත් බාර්සිලෝ හෝටල් සමූහයේ ඇති ශක්තිමත් සම්බන්ධතාවය ප්‍රදර්ශනය කිරීමක් ලෙස ද ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ ඇති කලාව, සංස්කෘතිය මෙන්ම සිත් ඇදගන්නාසුළු භූ දර්ශන සහ සුවිශේෂී සැලසුම් අංගයන්ගෙන් ආභාසය ලබා ගනිමින්, ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල මෙම කාලානුරූපී සම්ප්‍රදාය සඳහා පරිපූර්ණ පසුබිමක් සපයයි. අපගේ නත්තල් කේක් මිශ්‍රණයේ ඇති අමුද්‍රව්‍ය කලාත්මක ලෙස මිශ්‍ර කිරීම මෙන්, මෙම අවස්ථාව අපගේ ප්‍රජාවගේ විවිධ මූලයන් එකමුතු වන විට ඇති වන මායාව විදහා දක්වනු ලබනවා. ඒ සෑම දෙයක්ම සැබැවින්ම අද්විතීය යමක් නිර්මාණය කිරීමට සමත් වේ.”‍

ශ්‍රී ලංකා බාර්සිලෝ හෝටල් සමූහයේ නවතම ආභරණය වන ඔක්සිඩෙන්ටල් ඊඩ්න් බේරුවල, පෙර හැඳින්වූයේ, ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා ලෙසයි. එය බ්‍රවුන්ස් ආයෝජන සතු අතර, ඔවුන්ගේ ඔක්සිඩෙන්ටල් සන්නාමය යටතේ ලෝක ප්‍රකට බාර්සිලෝ හෝටල් සමූහය විසින් කළමනාකරණය කරනු ලබයි.

595



අදහස් (0)

ඔක්සිඩෙන්ටල් ඊඩ්න් හි සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site