(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක සිට එම පෙට්‍රල් ඇණවුම් නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා ඔක්ටේන් 95 පෙට්‍රල් නොමැති තත්වයකට පත්ව ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පැවසූහ.
ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නිසි අයුරින් පවත්වාගෙන නොයාම මෙම තත්වයට හේතුව බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවෝ වැඩිදුරටත් සදහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අවම තොග පවත්වා ගැනීමේ නීතිය සංස්ථාවට නැද්ද? ලංකාවේ නීති ඔක්කොම නැති බැරි මිනිහට තමයි…!
රනිල්ගේ සංවර්ධනය ඉවරයි වගේ... කාලකණ්ණි රට තවත් කන්නේ නැතුව තොලොංචිවෙලා යන්න ඕනෑ...
95 සහ 92 අතර වැඩි වෙනසක් නෑ..
ඉස්සර මමත් ගැහුවේ 95 පෙට්‍රල් නැතිකළේ 92ට පුරුදු වුණා.. දැන් කිසිම ප්‍රශ්නයක් නැතිව දිගටම 92 භාවිතා කරනවා. 92 සහ 95 අතර වෙනස ඔක්ටේන් 3 වුණාට මිලේ විශාල වෙනසක් තිබෙනවා.. අපි දන්නේ නැහැ 95 කියලා ලංකාවේ විකුණන්නේ 92මද කියලා. පෙට්‍රල් ශෙඩ්වලින් සාම්පල් අරන් ප්‍රමිතිය මැනීමක් ලංකාවේ සිදුවෙන්නේ නැහැ...
අර එනවා කියන විදේශීය පෙට්‍රල් සමාගම් තවම නැත්තේ මොකද? ගිය අවුරුද්දේ මැද පෙට්‍රල් නැතිව මිනිස්සු පෝලිම්වල ඉන්නවා දැකලා සීසන් එකට ලංකාවට එන සංචාරකයෝ බුක්කළේ නැහැ... එමනිසා මුළු ටුවරිස්ට් සීසන් එකම විනාශ වුණා. මෙදාපාරත් සංස්ථාව පිස්සු නටලා ලබන ටුවරිස්ට් සීසන් එකත් විනාශ කරාවිද?
ඔක්ටේන් 95 මද කියලා කවුද ස්ථිර කරලා තියෙන්නේ...