
(කේෂර ගුණතිලක සහ අයි.ආර්.ඉන්දික)
ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා රුපියල් හතළිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිෂන් සභාවට නිරන්තරයෙන් ලැබුණු තොරතුරු මත අල්ලස් කොමිසමේ නිලධාරියකු වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් ඉල්ලා තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් 29 වෙනිදා සවස එම මුදල පොලිස් ස්ථානාධිපතිවරයා ශාරීරික අභ්‍යාසයේ යෙදෙමින් පාගමනින් යන අතරතුර පේරගස් මණ්ඩිය අසලදී එම අදාල මුදල ලබාගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්හාය ජායතී ශෝකෝ . අන්තිමට පෑන්ෂන් එකත් අහිමි කරගෙන හිරගෙදරට යනවා විතරක් නෙමෙයි දරු පවුල් කාරයෙක්නම් ඉතින් ඒගොල්ලොත් සමාජයට කොහොමද මුහුණ දෙන්නේ ? වස ලැජ්ජාව තමයි. මේවා ගැන හිතන කොට බොහොම කනගාටුවක් දැනෙනවා. වසර ගණනාවක සේවය – අපරාදේ. මේවා තමන් විසින් දැන දැනම කරන වැරදි