
(අංජුල මහික වීරරත්න)
වර්තමාන අභියෝගයන්ට සියලු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුන්නොත් ඉදිරි වසර කිහිපය ඇතුලත මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමිනි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලමණාකාරිත්වයෙන් 82% ක් මෙම සංගමයේ සාමාජිකත්වය උසුලන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මෙම සංගමය සමන්විත වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, රටේ මහජන ධනය හොරා කාපු මයිනා ඇතුලු පොහොට්ටුවොයි, මහ බැංකුව උලා කාපු පිනා ඇතුලු අලි නඩයයි දැන් එකතු වෙලා නේ ඉන්නේ. ඉතින් රට බේරාගන්නට තියෙන්නේ තොපෙන්.
ණයට අරගෙන කන එකනේ ,මට නම හිතෙන්නේ ඔයා ගෙදර ගියොත් ආර්ථිකය ඉක්මනටම හදන්න පුළුවන්
තමාගේ නොහැකියාව වහගන්න හැමදාම කියන්නේ අපි ඔක්කෝම එක් වෙමු, එක්වෙමු කියලා. පාර්ලිමේන්තුවේ 132 ක බහුතරය තියෙද්දීත්, IMF ණය දෙනවා නම්, ඇයි කරන්න බැරි? ජනතාව මුලා කරන්න කියන කතා.
ආර්තික ඝාතකයෝ ආරක්ෂා නොකර ඔවුන් මහාපරිමාණයෙන් හොරාකාපුවා අයකරගන්න ක්‍රමයක් හැදුවා නම් ඉවරනේ? රටම හොරාකාලා, විනාශකරපු දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවෝ ඔය ඕනෑතරම් ඉන්නේ?