IMG-LOGO

ඓතිහාසික සිද්ධස්ථාන හයක් පූජාභූමි ලෙස නම් කරයි

(අංජුල මහික වීරරත්න)

පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන පහක් සහ දේවාලයක් පූජා භූමි ලෙස අද (27) ප්‍රකාශයට පත් කෙරිණි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද එම  භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට  අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්වරුන්ගේ  සහභාගීත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ වෙල්ගම රජමහා විහාරය,පාතදුම්බර  මීගම්මන රජමහා විහාරය , ගංගොඩවිල ශ්‍රී විජයාරාම රජමහා විහාරය,පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් රජමහා විහාරය, මින්නේරිය මහසෙන් රජමහා විහාරය සහ රුවන්වැල්ල  ශ්‍රී සිද්ධ සත් පත්තිනි දේවාලයයි.

පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් සිදු විය.

මෙහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවැසූයේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජය කැපවී කටයුතු කරන බවයි.

දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති  මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිධාරී අත්තංගනේ සාසනරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

ඓතිහාසික සිද්ධස්ථාන හයක් පූජාභූමි ලෙස නම් කරයි

කිරිපුතා Wednesday, 27 September 2023 05:53 PM

මේ සේරම සිංහල බෞද්ධයන් අතර තිබෙන ඔවුන් විසින් රකින රැකෙන.තැන්. උතුරු නැගෙනහිර අන්තවාදීන් ගේ ග්‍රහනයට හසුවී තිබෙන බෞද්ධ සිද්ධස්ථාන තමයි රැකෙන්න ඕන.

:       2       6

Ketipearachchi Thursday, 28 September 2023 11:11 AM

ඔය පන්සල් වලින් රටට කිසිම වැඩක් වෙන්නේ නැහැ

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1019 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site