
(අංජුල මහික වීරරත්න)
පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන පහක් සහ දේවාලයක් පූජා භූමි ලෙස අද (27) ප්‍රකාශයට පත් කෙරිණි.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ වෙල්ගම රජමහා විහාරය,පාතදුම්බර මීගම්මන රජමහා විහාරය , ගංගොඩවිල ශ්‍රී විජයාරාම රජමහා විහාරය,පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් රජමහා විහාරය, මින්නේරිය මහසෙන් රජමහා විහාරය සහ රුවන්වැල්ල ශ්‍රී සිද්ධ සත් පත්තිනි දේවාලයයි.
පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් සිදු විය.
මෙහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවැසූයේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජය කැපවී කටයුතු කරන බවයි.
දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිධාරී අත්තංගනේ සාසනරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේරම සිංහල බෞද්ධයන් අතර තිබෙන ඔවුන් විසින් රකින රැකෙන.තැන්. උතුරු නැගෙනහිර අන්තවාදීන් ගේ ග්‍රහනයට හසුවී තිබෙන බෞද්ධ සිද්ධස්ථාන තමයි රැකෙන්න ඕන.
ඔය පන්සල් වලින් රටට කිසිම වැඩක් වෙන්නේ නැහැ