IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඒකීය රටක බලය බෙදන්න එකඟයි

(අංජුල මහික වීරරත්න)

ඒකීය රටක බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පරිපාලන බලය බෙදිය යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවද අමාත්‍යවරයා කීය.

ඉදිරි කාලයේ උතුරු නැගෙනහිර පළාත් වල නැනෝ ජල පිරිපහදු නව මධ්‍යස්ථාන 400ක් ඉදිකරන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්ටුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුලම්මුරිප්පු, කච්චිලෛයිමඩු, කතලියාරු, ඔලුමඩු යන ප්‍රදේශවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවන්ට අද (03) දින සහභාගී වෙමිනි. උතුරු නැගෙනහිර පළාත් වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර ඇත. මෙය “සැමට සුරක්ෂිත පානීය ජලය” ලබාදීමේ රජයේ සංකල්පය යටතේ ක්‍රියාත්මකයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

 



අදහස් (7)

ඒකීය රටක බලය බෙදන්න එකඟයි

සෙනෙවිරත්න Thursday, 03 August 2023 06:15 PM

කප්පම් කාරයෝ කියන කතා ගණන් ගන්න එපා... ඕවාට දෙමළ ජනතාව රැවටෙන්නේ නැහැ...

:       0       1

මැක්ස් Thursday, 03 August 2023 08:01 PM

තවත් බෙදන්න තියෙන්නේ කුමන බලයක් ද යනවග කරුණාකර රටට පහදා දෙන්න.

:       1       1

nihal Friday, 04 August 2023 01:00 AM

රට වනසන අයට සාප වේවා...!

:       0       3

Bamunuarachchi Friday, 04 August 2023 01:27 AM

මෙයත් අපිව ගොනාට අන්දන්න හදන්නේ. දෙමළට ඕනේ කොන්දේසි මොනවා වුණත් බලය බෙදීමක්. බලය ලැබුණායින් පසුව ඔවුන් ඉතිරි ඒවා හොඳින් හරි, නරකින් හරි ලබාගනීවි. හිටගෙන යන කෙනාට සීට් එකේ කොනක වාඩිවෙන්න ඉඩ දුන්නම එයා සීට් එකම අල්ලා ගන්නවා. ඒකීය කතා ඕනේ නැහැ. බලය බෙදන්න එපා...

:       0       4

Perera Friday, 04 August 2023 07:28 AM

කිසිම උගත්කමක්, බුද්ධියක් නැති අය රට කරනකොට රට දැන් තිබෙන තත්වය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ...

:       0       4

සල්ලි Friday, 04 August 2023 07:56 AM

ඊට කලින් ගම්පහ ටොයිලට් ටික හදන්න ප්‍රසන්න. රැජිනිකාන්ත්ගේ බාප්පයි මහප්පයි වගේ... ඔබලා ඔය කණ්ණාඩි දැම්මේ දෙමළ මිනිස්සු රවට්ටන්නනේ.

:       0       4

Bamunuarachchi Friday, 04 August 2023 08:40 AM

කවුද තමුසෙලාට එහෙම බලය බෙදන්න ජනතාවගේ කැමැත්ත ලැබුනාද? බලය බෙදන බව ඔහේලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවාද? සුළු ජාතිකයින් සුළු ජාතිකයින් හැටියට තියන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site