(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඒ.ටි.එම් මැෂින්වලින් මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අනුව මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපති වරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .
හික්කඩුව,බද්දේගම,ගාල්ල සහ කරාපිටිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු කිහිපයකින් එහි පද්ධතිය හැක්කර විදේශිකයන් දෙදෙනකු විශාල වශයෙන් මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී සැකකාර ස්ථානාධිපති වරයා ඊට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.
අදාල පොලිස් පරීක්ෂකවරයා පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සැකකාර ස්ථානාධිපතිවරයාට අයත් මෝටර් රථයෙන් මුදල් සොරකම් කර ඇති ස්ථානවලට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගාමරුවෝ දැන් උසස් මට්ටමේ වංචාවලට බැහැලා. මොවුන්ව අල්ලන්න වෙනම රටක පොලිසියක් ගෙන්නන්න වෙයි.
එකෙක් ගංජා බිස්නයි. අනිකෙක් හොරකමේ. නරකමත් නැහැ නේද?