
(ඉන්දිකා රාමනායකප සහ ගයාන් සුරිය ආරච්චි )
මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්‍රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයට අනුයුක්තව පොලිස් සැරයන් වරයෙකි.
සැකකාර සැරයන් ඉකුත් (9) දින රාත්‍රියේ බීමතින් කොළඹ තිබිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට යාමේදී කාඩ් පත සිරවී ඇති,අතර මුදල් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහු ඒ ටි ම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කර ඇත.
සම්බන්ධයෙන් නාරහෙන්පිට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.
මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊයේ (12) සිට සැකකාර සැරයන්ගේ වැඩ තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ කාඩ්පතක් අරගෙන හොරකමේ ගිහිල්ලා කරගත් දෙයක් වෙන්නත් පුළුවන්... කොහොම වුණත් තමන්ගේ කාඩ්පතේ අංකය වරදින්න බැහැ...
ඔහුගෙ බීම කාඩ්පත සිරවීමට හේතුවක්ද, දඬුවම සැර වැඩි නැද්ද?
මහජන සාමය ආරක්ෂා කිරීමේ මණ්ඩලය අනුයුක්ත කර තෝරගෙන තියෙන්නෙ විශිෂ්ට පොලිස් නිලධාරියෙක් ඔහුව රස්සාවෙන් පහ නො කර ඔහුට පදක්කමක් පිළිගැන්විය යුතුයි.