(කාංචන කුමාර ආරියදාස)
පසු ගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.
ඒ අනුව විසි දෙක දින අලුයම වන විට සැලකිය යුතු ප්‍රමාණයෙන් එළවළු මිල පහත වැටී ඇතත් ඒවා මිලදී ගැනීම සඳහා තවමත් වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.
එළවළු මිලදී ගැනීම අවම විමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගිය සියළුම එළවළු වර්ග මිල පහත වැටී තිබේ.
ජනවාරි මාසයේ 17 දින පැවති මිල සහ 22 උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති එළවළු කිලෝ එකක තොග මිල මෙසේ සඳහන් කිරීමටහැකි වී තිබේ.
| වර්ගය | ජනවාරි 17 දිනය පැවති මිල |
ජනවාරි 22 දින උදෑසන පැවති මිල |
|
ගෝවා |
640 - 650 |
350 - 380 |
| ලීක්ස් | 600 - 700 |
250 - 300 |
| කැරට් |
1700 - 2500 |
600 - 900 |
| තක්කාලි |
200 - 300 |
350 - 400 |
| රාබු |
90 - 100 |
70 - 80 |
| කැකිරි |
80 - 110 |
100 - 110 |
| පිපිඤ්ඤා |
70 -75 |
60 - 65 |
| වැටකොලු | 300 - 320 |
300 - 320 |
| බණ්ඩක්කා | 290 - 300 |
250 - 300 |
| පතෝල |
250 -300 |
250 - 300 |
| කරවිල |
400 - 450 |
300 - 350 |
| ‘වට්ටක්කා | 100 - 130 |
90 - 100 |
|
වම්බටු |
380 - 400 | 400 - 480 |
|
එල බටු |
380 - 400 | 400 - 450 |
|
දඹල |
300 - 320 | 320 - 350 |
|
මෑ කරල් |
300 - 350 | 250 - 300 |
|
දෙහි |
120 - 130 | 130 - 150 |
|
අමු මිරි ස් |
1000 - 1100 | 500 - 600 |
|
මාළු මිරිස් |
1000- 1200 | 700-750 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර අමුතු ඇටේ. මේ ඉක්මනට වැස්සෙන් විනාශ උනු වගාව දවස් 7ට පලදාවපළදාව ඇවිල්ල යකෝ
ආශ්චර්යවත් කෘෂිකාර්මික බිමක්. වැස්ස අඩුවුණා විතරයි. ඵලදාව ක්ෂණිකව වැඩිවෙලා මිලත් පහළ ගියා. ඕං කවුරුත් කියන්න එපා වෙළෙන්දා ගසා කනවා කියලා...!
සහල් මාෆියා මුදලාලි විශ්ව විද්‍යාලවල දේශන පවත්වන රටේ මෙහෙම දේවල් ගැන පුදුම වෙන්න ඕනේ නැහැ...
අර කැරට් කිලෝගණන් කන මාලිමාවේ චිත්‍ර අඳින මල්ලිලා මේවාට අදහස් දාන්නේ නැහැ වගේ...