
(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිළ රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.
සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 100 ත් 120ත් අතර මිළකට අළෙවි වන අතර කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 85 ත් 100 ත් අතර මිළකට අළෙවි වෙති.
මේ අතර කොළඹ ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 140ත් 160ත් අතර මිළකට අළෙවි වන බවත් පාරිභෝගිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර පළාත්වල ගමේ වෙළෙන්දො ගොවියා ගෙන් මේ දිනවල පොල් ගෙඩියක් ගන්නේ රුපියල් 65ට 70වට. ඒක කොළඹට යවනකොට රුපියල් 85ක විතර වෙනවා . මාකට් එකේ වෙළෙන්දන් නිකන් ඉඳලා ඒ පොල් ගෙඩියෙන් සියයට දාහක ලාභයක් ගන්න. එහෙම ගන්න පොල් ගෙඩියට තවත් ප්‍රවාහන වියදමකුත් ලාභයකුත් තියාගෙන විකුණනවා . කොයිදේත් එහෙම තමයි
පොලුත් ඉන්දියාවෙන් ගෙන්නමු!
පොල්වලට අවුරුදු හතරකින් පොහොර නෑ. දැන් පොහොර ආනයනය නවතා පොල් ආනයනය කරන්න කියයි. ඕකට නේද දඟලන්නේ. ගෝඨාභය ශාපය...
තියෙන පොල් වතු ටිකත් වෙන්දේසි කොට ගෙවල් හදමු