(සුජිත් හේවාජුලිගේ)

ඇඹිලිපිටිය ඒස් පවර් නමැති පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට නව ගිවිසුම  සකස් කිරීමේදී  මිල  ගණන් තීරණය කිරීම සිදු වන්නේ කෙසේදැයි කෝප් කමිටුව  විමසූ අවස්ථාවේදී විදුලි බලමණ්ඩලයේ නිලධාරීන්  නිරුත්තර වී ඇතැයි වාර්තා වේ.

මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේදී නව ගිවිසුම් වලට එළඹීම පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය. එහෙත් නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පැහැදිලි උත්තරයක් ලබා දීමට  එහිදී නොහැකි වුණු බව  කෝප් කමිටුව පවසයි.

මේ අනුව මේ සම්බන්ධයෙන් මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  විදුලිබල මණ්ඩලයට නිර්දේශ කළේය.

විදුලිබල මණ්ඩලයේ කාර්ය සාධනය විමසීම සඳහා  එහි ප්‍රධානීහු  කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ.