(නිමන්ති රණසිංහ)
ව්‍යාජව සකස් කරන ලද විශේෂ කාර්ය බලකා හැඳුනුම්පතක් ඇතුළු ව්‍යාජ ලේඛන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මොරටුවේදී ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය .
පොලිස් විශේෂ කාර්යය බලකා මෙහෙයුම් 3 නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොරටුමුල්ල, මෝල්පේ යන ස්ථානයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සහ ව්‍යාජ ලේඛන අත්අඩංගුවට ගෙන ඇතැයි විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු හතළිස් හැවිරිදි මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි අයකු වන බවද පොලිසිය සදහන් කරයි.
ව්‍යාජ ලෙස සකස් කරන ලද විශේෂ කාර්ය බලකායට අයත් හැදුනුම්පතක්, පෞද්ගලික මූල්‍ය ආයතනයකට අයත් දිනය වෙනස් කරන ලද රිසිට් පතක්, මොරටුව ප්‍රාදේශීය ලේකම්වරිය නිකුත් කරන ලද බවට සැක සහිත ලිපියක්, අත්‍යාවශ්‍ය සේවා බලපත්‍රයක් සහ මෝටර් වාහනයක් ලෙස ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රයක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සහ අත්අඩංගුවට ගත් ලිපිද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුමුල්ල පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd