IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එස් ටී එෆ් වෙඩි පහරින් මිය ගිය සෙබළාට රැකවරණය දුන් සිව්දෙනා රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර සහ ගයාන් සුරියආරච්චි)

මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේ ඌරු මස්කඩයක් තුළදී එහි හිමිකරු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ මස්සිනා පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරු පැදිය පැදවු යුද හමුදා සෙබළාට සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන්නැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අඹුසැමි යුවළක් ඇතුළු සුරියවැව ප්‍රදේශයේ සිව්දෙනෙකු ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද  (28) නියම කළේය.

සිද්ධියට අදාළ විමර්ශන බාරගත් බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්”ඒ”සී” පද්මසිරි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමටද පොලිසියට නියම කළේය”

සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන් බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්”ඒ”සී” පද්මසිරි මහතා මෙම ඝාතනය කිරීම සඳහා යතුරු පැදිය පැදවු නුවන් ලක්‍ෂිත නමැත්තා අපරාධයෙන් පසු සුරියවැව විහාරගල ප්‍රදේශයට ගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබුණු බවත් ඒ අනුව කළ විමර්ශනයේදී මෙම සැකකරුවන් ඔහුට නවාතැන් හා ආහාර දෙමින් ඔහුට සැඟවී සිටීමට ආධාර උපකාර කර ඇතැයි දැනුම් දුන්නේය”

 



අදහස් (0)

එස් ටී එෆ් වෙඩි පහරින් මිය ගිය සෙබළාට රැකවරණය දුන් සිව්දෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site