(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරියාලෙයි නෙඩුංකුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත වූවන් පිරිසක් ගමන්ගත් ට්‍රැක්ටරයකට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කළ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට යාපනය පොලීසිය පවසයි.
නෙඩුංකුලම් ප්‍රදේශයේ කළ නීතිවිරෝධී වැලි ජාවාරමක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානය වටලා ඇති අතර එහිදී වැලි ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනෙකු පමණ පොලිස් විශේෂකාර්ය බලකා සෙබළුන් දැක ට්‍රැක්ටරයෙන් පලා යාමට උත්සහ දරා ඇත.
ට්‍රැක්ටරයෙන් පලායන පිරිසට නවතින ලෙසට නියෝග කර සිටියද එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරියෙකු ට්‍රැක්ටරයේ රෝදයට කළ වෙඩි තැබීමකින් ට්‍රැක්ටර් ධාවනය කරවූ රියදුරුගේ පාදයට වෙඩි වැදී ඇති අතර එහිදී සෙසු ජාවාරම්කරුවන් පලා ගොස් ඇතැයි පොලීය කියයි.
එහිදි තුවාල ලැබූ රියදුරු අත්අඩංගුවට ගෙන යාපනය රෝහලට ඇතුළත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකා සෙබළුන් විසින් පියවර ගෙන ඇති අතර වෙඩිපහරින් තුවාල ලබා ඇත්තේ 20 හැවිරිදි තරුණයෙක් වන අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තැබූ නිලධාරියාට දෙවියන්ගේ පිහිටයි.
වෙඩිකෑව කෙනා දෙමළ නම්, යහපාලන අයට දැන් ජලභීතිකාව හැදෙයි..
හෙට STF භටයන් ටික රිමාන්ඩ්... ෂුවර්