
( බී.ජී. චතුරංග )
අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයේ ගුරුවරියක ලෙස සේවය කර, විශ්‍රාම ගොස් එහි පාලිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක් එම ගම්මානය මැදින් දිවෙන කුඩා ඇල මාර්ගයකට ඇද වැටී මියගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්ලිව්. ආර්. එම්. නන්දනී විද්‍යාමාලා රාජපක්ෂ නමැති 68 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
ඇය මීට පෙර තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර, පසුව ළමා ගම්මානයේ ගුරුවරියක් ලෙස සේවය කර විශ්‍රාම ලබා එහි පාලිකාවක් ලෙස එම පරිශ්‍රයේම නවාතැන් ගෙන සිටි නැත්තියක් බව පොලිසිය කියයි.
ළමා ගම්මානය මැදින් දිවෙන එම ඇළ මාර්ගයේ පාලම යට අඩි දෙකක් පමණ ගැඹුරු ජලයේ ළමයකු වැටී සිටින බවට එහි අධ්‍යක්ෂවරයාට ලැබුණු තොරතුරක් අනුව සොයා බැලීමේදී, මරණකාරියගේ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd