(සුජිත් හේවාජුලිගේ )
පොලිස් කොට්ඨාස හතරක් බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සිවු දෙනෙක් දිසා හතරක නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වගකීම් ඉටු කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
මේ අනුව පුත්තලම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේසිරි මහතා බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පොලිස් නීති කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ජී ගුණසේකර මහතා නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මඩකලපුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.බී.ටී සුගතපාල මහතා කලුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මානව හිමිකම් කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕ හේවාවිතාරණ මහතා වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත්කරනු ලැබ සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මැතිවරණ කොමිෂන් සභාව ලබාදී ඇති අනුමැතියට යටත්ව නියෝජ්‍ය පොලිස්පති නිලයේ රාජකාරි ඉටු කිරීම සඳහා මෙසේ පත්කළ බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයා මෙම පත් කිරීම් කර ඇත්තේ පෙරේදා (25) දාතමින් යුතුවය.
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්.එස්.පී හතරකට ඩී.අයි.ජී වගකීම්