(සුජිත් හේවාජුලිගේ )
පොලිස් කොට්ඨාස හතරක් බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සිවු දෙනෙක් දිසා හතරක නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වගකීම් ඉටු කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
මේ අනුව පුත්තලම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේසිරි මහතා බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පොලිස් නීති කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ජී ගුණසේකර මහතා නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මඩකලපුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.බී.ටී සුගතපාල මහතා කලුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මානව හිමිකම් කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕ හේවාවිතාරණ මහතා වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත්කරනු ලැබ සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මැතිවරණ කොමිෂන් සභාව ලබාදී ඇති අනුමැතියට යටත්ව නියෝජ්‍ය පොලිස්පති නිලයේ රාජකාරි ඉටු කිරීම සඳහා මෙසේ පත්කළ බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයා මෙම පත් කිරීම් කර ඇත්තේ පෙරේදා (25) දාතමින් යුතුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd