(යොහාන් භාසුර)
මෙම මස 9 වැනිදා හදිසියේ දුම්රිය ධාවනය නවතා දැමීමට දුම්රිය බලධාරීන් කටයුතු කිරීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මානව හිමිකම් කඩවූ බවට දුම්රිය ස්ථානාධිපති සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (12) පැමිණිල්ලක් කළේය.
පසුගිය 8 වැනිදා රාත්‍රී පොලිස්පතිවරයා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයක් ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දුම්රිය බලධාරීන් එදින මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කළ බවත් එයට එම සංගමය දැක්වූ දැඩි විරෝධයෙන් අනතුරුව නාවලපිටිය හා අනුරාධපුර කොට්ඨාසයේ පමණක් ප්‍රාදේශීය දුම්රිය ධාවනය කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී පියවර ගත් බවත් එම සංගමය පවසයි.
ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය පැනවූ කොළඹ කොට්ඨාසයෙන් පිටත සිට කොළඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 80 කට අධික ප්‍රමාණයක් අවලංගු බවත් එදින අළුයම ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොකිරීම නිසා අනුරාධපුර, ගාල්ල, මාතර, අවිස්සාවේල්ල හා මහනුවර යන දුම්රිය ස්ථානවල එම අවස්ථාවේ සේවයේ නියතු දුම්රිය ස්ථානාධිපතිවරු දැඩි පීඩනයකට ලක්වීමෙන් ඔවුන්ගේ මානව හිමිකම් කඩවූ බවත් එම සංගමය මානව හිමිකම් කොමිසමට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එස්.එම් ලා මානව හිමිකම් යති