IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එස්.අයිගේ ටීෂර්ට්ය ඇඳ බැකෝ එලවලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් නිල ලාංඡනයක් සහිත ශරීර සුවතා ටීෂර්ට් එකක් හැඳ සිටි 24 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරකු කොළඹ ආර්. ඒ. ද .මෙල් මාවතේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

පොලිස් පරීක්ෂකවරයකු වන තම ඥාතියෙකුගෙන්පොලිස් නිල ලාංඡනය සහිත මෙම ශරීර සුවතා ටීෂර්ට් එක ඉල්ලා ගත් බවසැකකරු පවසන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කරන පොලිස් ස්ථානය ගැන ද තොරතුරු මෙම සැකකරු විසින් හෙළි කරන ලදැයි පොලිසිය පවසයි.

මෙම ටී ෂර්ට් එක පැළඳ සිටි තරුණයා සමග සිටි ඔහුගේ මිතුරකුද ප්‍රශ්න කිරීම සඳහා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාම හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.

 



අදහස් (5)

එස්.අයිගේ ටීෂර්ට්ය ඇඳ බැකෝ එලවලා

chandima Saturday, 18 November 2023 02:57 AM

ටී ෂර්ට් එකක් ඇන්දා කියලා අත්අඩංගුවට ගන්නේ මොකටද? ටී ෂර්ට් එක ගලවලා අරන් මිනිහාට නඩු විභාග කරන දවසට එන්න කියලා ගෙදර යැව්වා නම් ඉවරයිනේ. මිනී මරලද නැහැනේ... බැංකු කඩපු අය පාලනය කරන රටක ඕකත් මහ කජ්ජක්ද? කාකි කෝට් එක දාගත්තාම වැඩ්ඩෝ වෙන්න දඟලනවා. ඇමැතියෙක්, මන්ත්‍රියෙක් යද්දි නැට්ට අස්සේ ගහගන්නවා.

:       0       22

Perera Saturday, 18 November 2023 03:45 AM

සිරි ලංකාවේ ලොකුම අපරාධකරු අල්ලා ගන්නා ලද පොලීසියට මහජනතාවගේ ස්තූතිය...!

:       0       18

Bamunuarachchi Saturday, 18 November 2023 05:09 AM

හොරකමක්, වංචාවක් කරලා නොවෙයි නේද? පොලිස් නිල ඇඳුම් ඇඳලාත් නොවෙයි. ඇඳුම ඇන්ද කෙනාද වැරැදි ඇඳුම දීපු කෙනාද වැරදි...?

:       0       15

කොස්තාපල් පුණ්‍යකර්ම Saturday, 18 November 2023 05:42 AM

මේ ඇඳුම රජයේ එකක් නම් රජයේ දේපළ පුද්ගලික පරිහරණයක් වෙනවා... නැතත් බලහත්කාරයෙන් කරන වැඩක් නම් පොලිසියේ අයුතු මැදිහත්වීමක් වෙනවා.. මෙයට එම නිලධාරියාත් වරදක් කළා මෙන්ම වරදට අනුබල දීම මත අධිකරණයට ඉදිරිපත් කර දඬුවමක් දියයුතුයි... එසේම පොලිසියේ ගරුත්වයට හානි කිරීමේ වරදට ඔහුට විනයානුකූලව දඬුවම් කරන්න ඕනෑ... ආයතන සංග්‍රහයේ 11කාණ්ඩය බලා දෙපාර්තමේන්තු මට්ටමෙන් දඬුවමක්ද කරන්න පුළුවන්...!

:       4       5

lankaputha Saturday, 18 November 2023 07:04 AM

මොන නීතියද කඩ කළේ...!

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site