
(මල්මි පබසරා)
එල්නිනෝ බලපෑම් හමුවේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් මුහුදු ක්ෂීරපායින් යැපෙන පෝෂණ ප්‍රදේශවලට බලපෑම් ඇතිවනු ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේය.
සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම සමග දියවැල්වල ස්වභාවය වෙනස්වීම හේතුවෙන් කොරල්පර සහ මුහුදු ශාක ආශ්රිත පෝෂණ ප්රදේශවලටද දැඩි බලපෑම් එල්ල විය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
ගොඩබිම් පරිසර පද්ධතිවලට සිදුවන උෂ්ණත්ව බලපෑම්වලට සාපේක්ෂව සාගර ජලයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සෘජුව මැදිහත්වීම අසීරු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව, සිදුවිය හැකි හානිය අවම කිරීමට වඩා, යම් හානියක් සිදුවුවහොත් එය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර,උෂ්ණ කාලවලදී කොරල්පර සුදු පැහැ ගැන්වීම සාමාන්‍යයෙන් සිදුවිය හැකි බව කී අධ්යක්ෂ ජනරාල්වරයා දැනට ස්ථාන දෙකක සුළු වශයෙන් එවැනි තත්වයක් වාර්තාවී ඇති බවද සදහන් කළේය
කෙසේ වෙතත්, එය මේ දක්වා සැලකිය යුතු මට්ටමේ විනාශයක් බවට පත්ව නොමැති බවද ඔහු අවධාරණය කළේය.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා පෙන්වා දෙන්නේ කොරල්පර මුහුදු ජලයේ උෂ්ණත්වයට ඉතා සංවේදී බැවින් උෂ්ණත්වය ඉහළ යෑමෙන් ඒවාට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd