(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ පිහිටුවා ඇති එල්ලුම්ගසේ ක්රියාකාරීත්වය මැනබැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානය විසින් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇත.
මේ වනවිට බන්ධනාගාරය සතුව ඇති එකම එල්ලුම්ගස වැලිකඩ බන්ධනාගාර පරිශ්රයේ පවතී.
බෝගම්බර බන්ධනාගාරය, මහනුවර නගරයන් ඉවත්කිරීමෙන් පසු එහි පිහිටි එල්ලුම්ගසද ගලවා ඉවත් කෙරිණි.
අදාළ වාර්තාවට අනුව කළයුතු හදිසි ප්රතිසංස්කරණ හා අලුත්වැඩියා කටයුතු සිදුකරන බවද එල්ලුම්ගස සහිත කුටිය මේ දක්වා යහපත් තත්වයෙන් පවත්වාගෙන ගොස් ඇති බව නිරීක්ෂණය කළ බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පැවසීය.
1884 පෙබරවාරි 11වන දින වැලිකඩ බන්ධනාගාරයේ පිහිටි එල්ලුම්ගස ඉංග්රීසීන් විසින් ඉදිකර ඇති බවත් එදින සිට 1979 ජූනි 23 දක්වා 2735දෙනෙකු එහිදී එල්ලා මරා දමා ඇති බවත් බන්ධනාගාර වාර්තාවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට ඔච්චර දඟලන්න ඕනෙද ඉනේ දාන පටියෙනුත් මිනිස්සු එල්ලිලා මැරෙන්නේ. කාව භය කරන්නද මේ හදන්නේ?
මරණ දඬුවමට නියමවූ කෙනෙක් එල්ලන්න කලින්, වෙන කෙනෙක්ව එල්ලලා බලන්න ඕනෑ අත්හදා බැලීමක් විදියට
ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ කාලේ ඉඳන් ලංකාව නියම අතට හැරිගෙන ඇවිල්ල තියෙනවා වගේ.
එල්ලිලාම බලන්න වෙයි.
පඹයා එල්ලලා බලමු ඉස්සෙල්ලා
අලුගොසුවාම එල්ලමු අපිට බලාගෙන ඉන්න පුළුවන් මැරෙන හැටි මොන ජොලිද? ඊයේ පෙරේදා ජොබ් එකක් බාර ගත්ත අලුගෝසුවා ලියිට් කම්බියක වව්ලෙක් එල්ලිලා ඉන්නවාවත් දැකලා නැත...
මඩුවලිගෙන් තලන්නවත් බැරිඋන ලොක්කෝ ඉන්න රටක "එල්ලනවා" කියන්නේ තුට්ටු දෙකේ ජෝක්ස් !!!! 1884 පෙබරවාරි 11වන දින වැලිකඩ බන්ධනාගාරයේ පිහිටි එල්ලුම්ගස ඉංග්රීසීන් විසින් ඉදිකර තිබේනම් ඒක දැන් ගුල්ලෝ ගහල හොඳට දිරලත් ඇති! එදින සිට 1979 ජූනි 23 දක්වා 2735දෙනෙකු එහිදී එල්ලා මරා දමා තිබෙන එම එල්ලුම් ගසට කියවන්න දිග කතාවල් ගොඩක් තිබෙන්නත් පුළුවන්. ඔය ගහ යළිත්වරක් මිනීමැරීම සඳහා යොදා ගන්නවා වෙනුවට කොළඹ හෝ මහනුවර "කටුගෙයක" මහජන ප්රදර්ශනය සඳහා ස්ථාපිත කලොත් එයින්ම කුඩ්ඩො පාඩම් ඉගෙන ගනීවි!!!!
වටේට පස බුරුල් කරලා පොහොර ටිකක් දාලා හොඳට වතුර දාන්න... බැරිවෙලාවත් ග්ලයිෆොසේට් නම් දාන්න එපා..!