(ජයන්ත සමරකෝන්)
අද වන විට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම හිමිවූවන් හා අභියාචනා මත සිටින සමස්ථ සිරකරුවන් සංඛ්‍යාව 1261 ක් බවත් එයින් 297 දෙනෙක්ම රඳවා සිටිනුයේ වැලිකඩ බන්ධනාගාරයේ බවත් බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය.
ඒ සමඟම මරණ දඬුවමට එරෙහිව 823 දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර ඇති බවද බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය.
මෙයින් 36 දෙනෙකු කාන්තාවක් බවද සඳහන් වේ.
අභියාචනා ඉදිරිපත් කර නොමැති නමුත් මරණ දඬුවම ලබා සිටින 438 දෙනාගේ ලැයිස්තුවේ ජනාධිපතිවරයා වෙත යවා ඇති 18 දෙනාද ඇතුළත් වන බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1261 දෙනෙකුට මහජන සල්ලි වලින් දවස ගානේ කන්න දිදී තියාගෙන ඉන්නවද? එක්කෝ එල්ලලා මරන්න ඕන. නැතිනම් මරණ දඬුවම බරපතල වැඩ ඇති ජීවිතාන්තය දක්වා වුනු සිර දඬුවමක් කරලා ගඩොල් කපන්නවත් දාන්න ඕන.
මගේ නම ඉල්ලියාස්. මම හැදුනු වැඩුනු තැන කොළඹ 13. මගේ අදහස පලමුවෙන් එල්ලුම් කල යුත්තේ මිනී මරපු අයව.
දියුණු රටවල මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා නමුත් අනෙක් රටවලට තමා තහංචි දාන්න එන්නේ.
මිනිමරලා එල්ලුම් ගහට නියමවෙලා ඉන්න පාතාල නායකයෝ හිරේ ඉඳන් ජංගම දුරකථන භාවිතාකර තම ගෝලයන් මාර්ගයෙන් කුලියට මිනිමරවන සහ කප්පම් ගන්න එක කරනවානම් , මරණ දඩුවම නියම වෙලා ඉන්න කුඩු ජාවාරම් කාරයෝ කුඩු ටොන් ගන්නන් ගෝලයන් මාර්ගයෙන් ජාවාරම් කරනවානම් , දිනපතා විනාශවෙන ජිවිත සහ දේපල ආරක්ෂාකරගන්න , මොවුන්ට අධිඅරණයෙන් දීල තිබෙන මරණ දඩුවම ක්‍රියාත්මක කර මොවුන් මරාදැමීම හැර වෙන විකල්පයක් තිබේද ?