(කේ බුද්ධික කුමාරසිරි)
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූගොඩ ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම ලැබූ මෙම ප්‍රධාන සැකකරු ගේ බිරිදව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් පෙබරවාරි මාසයේදී බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන හෝමාගම මහාධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කල සැකකාරියක වූ මරණකරුගේ බිරිය බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණ නියෝග කරන ලදී.
මරණකරු වූ ආචාර්ය ඩබ්ලිව්.ඒ අමරසිරි මහතා බිරිය සමග ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව අධිකරණයේදී හෙළි විණි.
එම ඒකකයේ පොලිස් සැරයන් 70701 සම්පත් නිළධාරීයාගේ තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නම කැත කරන මේ වගේ මිනිස්සුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනෙ. සංචාරකයකුට ඇවිල්ල කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් වටපිටාවක් හදන්න ඕනෙ.
ඒ මොකද්ද කියන්නේ..? සුද්දට වැඩි ගාණට වඩේ විකුණපු නිසා නෙමෙයි මෙයාට මරණ දඬුවම නියමවෙලා තියෙන්නේ. මිනී මැරුමකට. හරියට කියවලා ඉන්න...!