IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එල්ලේ ගහන්න ආ සිසුන් දෙදෙනාගේ සිරුරු වගා ළි‍‍‍ඳේ

(රොමේෂ් මධුෂංක) 

වව්නියාව පූවර්සන්කුලම් පොලිස් වසමේ පම්පමඩුව ප්රරදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු අද (17) සවස අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳකට වැටීමෙන් එම සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 14 සහ 15 වැනි වියෙහි පසුවූ සිසුන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

මෙම සිසුන් දෙදෙනා පම්පමඩුව ප්‍ර දේශයේ පිහිටි වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රී ඩාංගණයේ පැවති එල්ලේ තරගයක් සඳහා ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම සිසුන් දෙදෙනා දක්නට නොමැතිවීමෙන් පසුව එහි සිටි සිසුන් එක්ව මෙම  සිසුන් දෙදෙනා සෙවීමේදී එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳ තුල තිබී සිසුන් දෙදෙනාගේ මළසිරුරු සොයා ගැනීමට හැකිවී අැති අතර  අනතුරුව ඒපිළිබඳව පූවර්සන්කුලම් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිසුන් දෙදෙනාගේ මළසිරුරු ගොඩ ගෙන වව්නියාව මහරෝහල වෙතට රැගෙන ගොස් ඇත.



අදහස් (1)

එල්ලේ ගහන්න ආ සිසුන් දෙදෙනාගේ සිරුරු වගා ළි‍‍‍ඳේ

උදුළි Friday, 18 August 2023 08:05 AM

ඔබ දෙදෙනාට නිවන්සුව ලැබෙන බවය දක්වා මෙවන් අකල් මරණයක් නොමවේවා.... නිවන්සුව පතමු ඉක්මන් බයකදීම.!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site