(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එල්.පී.එල්. තරගාවලිය ඉදිරියේදී පවත්වන්නේ නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවත් මෙතෙක් පැවති තරඟාවලි ක්‍රීඩා අමාත්‍යාංශය පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
පසුගියදා අවසන් වූ එල්.පී.එල්. තරගාවලිය ආයෝජකයකු මෙහෙයවීම නිසා එම තරගාවලිය කඩාකප්පල් නොකළ බවත් මීළඟ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට පෙර අනිවාර්යෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.