(සුමතිපාල දීයගහගේ)
ගාල්ල ලබුදූව වී පර්යේෂණායතනය ‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී ඇත.
හෙක්ටර්යාර් එකක මෙම වී වර්ගය වගා කිරීමෙන් වී බුසල් 100කට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බව පර්යේෂණවලදී සනාථ වී ඇතැයි එම වී පර්යේෂණායතනය පවසයි.
වියළි සහ තෙත් කලාපවල මෙම වී වර්ගය වගා කළ හැකි අතර දින 75කින් අස්වැන්න ලබා ගත හැකි බවද වී පර්යේෂණායතනය සඳහන් කරයි.
පළිබෝධ හානිවලට මෙන්ම රෝග කාරකයන්ට ඔරොත්තු දෙන පරිදි වී ප්‍රභේදය නිෂ්පාදනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි කියමුකෝ. හැබැයි ඉතින් පොඩි කොස්සකට තියෙන්නේ මුල ඉඳලාම පොහොර භාවිතය තමයි. බැරිද කාබනික පොහොරවලින් පමණක් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් ක්රමවේදයක් සකසන්න. එහෙම කරන්නේ හුදක් පරික්ෂකයාගේත්, ඔහුගේ හෝ ඇයගේ දරු පරම්පරාවේත් , ගොවි මහතා හා ඔහුගේ පරම්පරාවේත්, පාරිභෝගිකයාගේ හා රටේ අනාගත සුබ සිද්ධිය සඳහාම පමණි.
මුළු ලංකාවම වැහිලා තියන මාන ගොල්ල කපලා කාබනික පොහොර සාදන්න පුළුවන්.